අපි හිටියේ කොළඹ ලොකු රාත්‍රි සමාජ ශාලාවක් ඉස්සරහ... එතැන එවෙලේ හරිම කාර්යබහුල තැනක් වෙලා තිබුණා... වෙලාව දන්නවද කීයද කියලා... හරියටම කිව්වොත් මේ දැන් තමයි එක පහුවෙලා විනාඩි හතරක් ගෙවුණේ... අපිටත් මේකේ ඇතුළට යන්න ඕනේ... අපිට අවශ්‍ය කෙනා... කෙනා .... එනකම් තමයි අපි ඒ අවට වාහනේකට වෙලා කල් මැරුවේ... ඔන්න වෙලාව ආවා... කළු, සුදු සුපිරි වාහන දෙකක් ක්ලබ් එක ඉස්සරහ නැවැත්තුවා... ඒවායේ ඇරුණු දොරවල් හතරෙන් හතර දෙනා බැගින් අට දෙනෙක් ඒ විසල් දොරෙන් ඇතුළු වුණේ ඒ වාහනවල යතුරු එතැන හිටිය ආරක්ෂක අංශේ අයට විසි කරමින්... දැන් තමයි වෙලාව... මේ අපි යන්නේ පාරදිගේ...
කවුද මල්ලි කරන කෙනා...
එහෙම කියන්න බෑ... මේ සෙට් එක ආවා කියන්නේ දැන් බඩු ඇතුළට ඇවිත් කියන එකයි... දැන් තව චුට්ටකින් මේ ඉන්න අයගෙන් බාගයක් හිමේ ඉන්නේ...
මොකක්ද මේක
ටැබා එකක්... තව එක එක විදිහට ඇති... ටොෆි, චොකලට්, චුයින්ගම්... අරවා මේවා... මං නම් දැකලා තියෙන්නේ නිල්පාට පොඩි පෙත්තක්... පරිප්පු ඇටයක් විතර වෙයි ලොකු...
අපේ කතාව යන අතරේ අපේ වාහනෙත් ක්ලබ් එක ඉස්සරහ නැවැත්තුවා... අපිත් දැන් හොඳ නයිට් ක්ලබ් එකක සෙට් වෙන්නයි හදන්නේ... අපේ යාළු මල්ලියා අපි ළඟම ඉඳලා අපිට ඇහෙන් අංග චලනයෙන් පෙන්නුවා යාළුවෝ කට්ටිය ඉන්න රූම් එක දිහා... එයාලා ඉන්නේ ඇත්තටම හිමේ තමා... ඒ කාමරේ පිරෙන්න පාට පාට දුම් රොටු කැරකුණා... කන පුපුරන ඇඟ හිරිවට්ටන සංගීතේ අපිටත් සැන්ඩි කරන්නයි ආරාධනා කරන්නේ... කොහෙද ඊට ඉස්සර වීනස් දෙව්දුවගේ නිවුන් සහෝදරී වගේ කෙනෙක් මගේ කරට අත දාලා මූණ එයාගේ පැත්තට හරව ගත්තා.
මොනවද ගේන්නේ කොල්ලෝ...
මගේ උගුර කට වේළිලා නොතිබුණත් මං සුද්ද වගේ පළතුරු පීරිසියක් ගේන්න කිව්වා... එතකොට එයා
ඇයි හොට් හරි කූල් හරි එපාද... එහෙම නැත්නම් අයිස්...
මොනාද අයිස්... ඒක තමයි මාත් හොයන්න ආවේ... අයිස් එහෙම නැත්නම් දැන් හැමතැනම ක්ලබ්වල, කැරොකේවල, සංගීතවල, තරුණ සමාජේ අතර... ඉස්සර කුඩ්ඩන්ට තිබුණු තැන වහගන්න වැදගත්, රෙස්පෙක්ට් බේත... එහෙම නැත්නම් මත් බේත... මේක මොන වගේද...
මං තොල් නොපිට පෙරළලා පෙන්නුව උත්තරේ එක්ක නිවුන් වීනස් වාෂ්ප වුණා... අපි තැන් දෙක තුනකට සෙට් වුණා... ඊට පස්සේ සාමාන්‍ය විදිහට වෙන ක්ලබ්වල වගේ එතැනත් ඒ දේවල් සිදුවෙමින් තිබුණා... ඔය අතරේ හැමතැනටම ෂූ... සද්දයක් ඇහැලා ගියා... මං හිතුවේ නයි නළඟන කියලා... නෑ... පෙත්ත ක්ලබ් එකේ යන්න පටන් අරන්... සල්ලි බිලට නැති අත යටින් එළිපිට වෙන මේ ටැබා බිස්නස් එක කිසිම ගේමක් නැතිව එකිනෙකා දිවට තියාගෙන ඇස් පියාගෙන තමන්ට මැවෙන ලෝකවලට යමින් හිටියා... සමහරු තමන් නට නට හිටිය තාල වේග අමතක කරලා වේග රිද්මවලට ගියා... තව අය ස්ලෝමෝෂන් වුණා... විනාඩි පහළොවයි බඩු වැඩ... නිවුන් වීනසුත් පේන්න නෑ... ලොකු සල්ලියක් අරගෙන කෙනෙක් අපි ළඟින් ඒක ගැන ගැන අර රූම් එක පැත්තට ගියා...
ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්ඩ්... මේ ෆස්ට් ඇන්ඩ් ලාස් නයිට්ටයිම්... මීට පස්සේ ඩස්පා මෙහේ සපුරා තහනම්... තියෙන්නේ මේවා... එක්ස්ටසි...
අණක්ද.... නිවේදනයක්ද දන්නේ නෑ... වෙලාව පැය බාගයක් ගෙවිලා ගියා... අර විදිහටම ආයිත් අර වාහන දෙක ඇවිත් ක්ලබ් එක ඉස්සරහ නවත්වනවා. මං වීදුරුවෙන් දැක්කා...
නිවුන් වීනස්ට මාව මතක් වුණේ දැන්... එයා පා වෙවී පා වෙවී මගේ දිහාට ආවා...
අපි නටමු...
අපි චුට්ටක් කතා කරමු...
සල්ලි දෙනවද...
අනිවාර්යෙන්ම... මොනවද අර ඛෙදුව ටැබා එක...
ඒක බේතක්.... සී.අයි.ඩී. ද?...
(ඊට පස්සේ නිවුන් වීනස් මට දැම්මේ කින්ඩි හිනාවක්... ඒකේ ර්‍ණඅනේ යකෝ උඹ...” වගේ ගතියක් තිබුණා...)
නෑ... නිකන් මටත් ගන්න.
මීට ඉස්සර අරගෙන නැද්ද...
නෑ...
අපෝ ඔයා කොච්චර පොඩිද...
මේවා මං අත්හදා බලලා නෑ...
අත්හදා බලලා නෑ...ද්...ද... හරි... හරි...
ඔයා බඛෙක් වගේ වෙන්න හැදුවට ඔයාගේ මූණේ තියෙන්නේ ගඩ්ඩෙක්ගේ බැල්මක්...
හරි කියන්නකෝ සීන් එක...
මේක මුලින්ම ලංකාවට බැස්සේ හික්කාවලට... මං ඒකාලේ හිටියේ එහේ... ඒ දෙදාස් පහේ... ජර්මන් සුද්දෙක් තමයි මට මුලින්ම මේ වගේ ටැබා එකක් දුන්නේ... පට්ට ආතල්... මට එතකොට වයස විසි එකයි... හරි මට කීයක් දෙනවද?...
ඩොලර් දහයක්...
ඩොලර් දහයක් කියන්නේ සුද්දෙක්ගේ වෙලාවෙන් ගත්තොත් විනාඩි පහයි... රයිට් දැන් දෙන්න... විනාඩි පහ ඉවරයි...
එහෙම නෙමෙයි... ඩොලර් විස්සක් දෙන්නම්... කතන්දරේ තව චුට්ටක් කියන්න... ආතල් පැත්ත...
ආතල් කියන්නේ මොකක්ද... ඔයාට නහය හාර හාර ඉන්න නම් ඒක පුළුවන් පැය ගාණක් කරන්න... ඔයාට ඕනේ නටන්න නම් ඒක පුළුවන් පැය ගාණක් කරන්න. ඔයාට ඕනේ... ඔයාට ඕනේ නිදාගන්න නම් ඒක කරන්න බෑ එක මොහොතක්වත්... තේරුණාද... කරන දේ ඇතිවෙන්න කරන්නයි ටැබා එක ගන්නේ...
කීයද මේක...
ඩොලර් පහෙන් පටන් ගන්නේ... එතැන ඉඳලා තියෙනවා ක්ලබ් ඇතුළේ එක එක ගණන්වලට පැකට්... උපරිම ඒවා ඩොලර් දෙසීය තුන්සීයත් වෙනවා... දළ කාරයාගේ බලය මතනේ තීරණේ වෙන්නේ...
කොහොමද ඕක ඇඟට දාගන්නේ...
දිව යට තියාගෙන... වෙන ක්‍රම නෑ... දියවෙනවා ටක් ගාලා.. එතැන ඉඳලා... හරි සල්ලි දෙන්න.......
මාර යක්ෂණියක් තමයි... සල්ලි... සල්ලි... සල්ලි... නිවුන් වීනස් මට ඇහැක් ගහලා ලිප්ස්වලට හාද්දක් දීලා එළි ගොඩ අස්සේ නොපෙනී ගියා... මෙතැනින් එහාට වෙන දෙයක් නෑ... කොරෙක්ස් පැණියත් ලංකාවේ නෑ... අපි එළියට ආවා... හිටියේ පොඩි වේලාවක් වුණත් ලොකු බිලක් අපිට ඇවිත්... අපේ වැඩේ ගැන දන්න මේවාට හැමදාම බහින අපේ මල්ලියා වාහනේට නැග්ග වෙලේම කතා කරන්න පටන් ගත්තා...
මෙහෙමයි දැන් ඉස්සර වගේ ඊයම් කොළ හොයාගෙන, ගිනිකූරු, ලයිටර්, සිගරැට්, බීම බට හොයාගෙන ගත්ත ආතල් ඉවරයි... ඒ කාලේ කුඩු ගහන්න මොන තරම් අමාරුද... මොන තරම් තැන්වලින් රිංගන්න ඕනේද... කොයි තරම් ගේමක් දෙන්න ඕනේද... ඊයම් කොලේ උඩට ෂුගර් ටික දාලා ඒක එක තැනකට කරලා යටින් ගින්දර පත්තුකරලා සිගරැට් එකෙන් හරි බීම බටේකින් හරි අර රත් වෙලා දුවන දුම් ගුලිය උරලා පපුවට ගන්නවා කියන්නේ පට්ට ගේමක්... ඊට පස්සේ පොඩෙක්ෂන් වහන්න ඊයම් කොලේ ඩිස්ට්‍රොයි කරන්න, ගිනිකූරු ඉවර කරන්න, සිගරැට් එක තරගෙට බොන්න, බීම බටේ අතුරුදන් කරන්න මොන ගේමක් දෙන්න ඕනේද...
දැන් ඒ මුකුත් නෑ... අලුත් පන්නේ අය ගන්නේ ටැබ් එක විතරයි... ගත්ත දිවේ තියාගෙන දියවෙන්න ඇරියා... විනාඩියෙන් හතරෙන් පංගුවට ඇඟට පත්තියම් වෙලා ඉවරයි... ආතල් එක අඩුම පැය හයයි... සමහර විට දවසක් වුණත් ආතල්...
අපේ වාහනේ දැන් යනවා... ලයිට් කණුවල එළි අපි පහුකරගෙන ආපස්සට යනවා... මේ අතරේ අපි වගේම අයත් අපි වගේ නොවන අයත් ඒ රෑ ඉඳහිට අපි ගාවින් එහාට හරි මෙහාට හරි විවිධ වේගවලින් යනවා... අපේ යාළුවා මේ බේත් ගැන හොඳට දන්න බුවෙක්... එයාගේ කතාව අහගෙන හිටියත් ආටිකල් එක වහන්න පුළුවන්...
දන්නවද මේ බේත් ජාති මොකටද කියලා... නෑනේ... මේකේ තව පැත්තක් තියෙනවා... දැන් බලන්න රටේ ඉන්න කුඩු කාරයෝ, මුදලාලිලා ඔක්කොම රජය මැදිහත් වෙලා අල්ලනවා... රටේම කුඩු වසංගතේ ඉවර කරනවා... ඉතින් එතැන පුරවන්න වෙන ආදේශකයක් කවුරු හරි පුළුවන්කාරයෙක් බස්සනවා... එයාට ඉතින් අනිවාර්යෙන් දේශපාලන හයියක් තියෙන්න ඕනේ... සුපිරිම බලයක්... ඒකේ පිහිටෙන් කුඩු අතුගාලා ටැබා එනවා... හරියට කිව්වොත් ගංජා අල්ලලා අල්ලලා ඒක එපා කරවලා කේ.ජී. කෑල්ල ජනප්‍රිය කරනවා වගේ... දැන් වෙලා තියෙන්නේ ඒකයි... සමහර විට කොරෙක්ස් එකත් ඒවයේ ඇති... කාට හරි ඕනේ නම් වෙන බ්‍රෑන්ඩ් එකක් මාර්කට් කරන්න එයාලම තමයි අනිත් බ්‍රෑන්ඩ් එක වට්ටන්න මුලින්ම වැඩ කරන්නේ...
මේවා නම් හිතන්න ඕනේ පැති තමයි... කවුද ඇත්තටම ආතල් ගන්න අය කැමැති ඉස්සර වගේ චාටර් වේවී සෙට් වෙන්න... අද ඩීසන්ට් විදිහට පොට් එකකට බැහැලා ආතල් අරගෙන රෙස්පට් විදිහට ගමන යනවා... දන්න අයවත් දන්නේ නෑ යාළුවා ටැබා දානවා කියලා... ඉස්සර නම් කුඩ්ඩා දන්නවා තව කුඩු දාන අයව අඳුරගන්න... අද මේ ඇවිත් තියෙන්නෙ වසංගතේ එක්ක කොල්ලා දන්නේ නෑ කෙල්ල ගැන... කෙල්ල දන්නේ කොල්ලා ගැන... ඒක ගැන තමයි අපේ යාළුවා ඊළඟට කිව්වේ...
කෙල්ලෝ ක්ලබ් බහින හැමෝම දන්නවා ටැබා එක ගැන... ඒ එක එක විදිහයි... කිරිබත් කෑලි වගේ හැඩේ තියෙන පෙතිත් තියෙනවා. ලා කොළ පාටේ ඉඳලා දම්පාට වෙනකම් විවිධ පාට තියෙනවා... පොඩියි... මිලි ග්‍රෑම් පනහේ ඉඳලා වගේ තියෙන්නේ... මේක අරකි කිව්වා වගේ දෙදාස් පහේ විතර ඉඳලා තමයි ක්ලබ්වලට එන්ටර් වෙන්න පටන් ගත්තේ... කොහොමත් මේවා නිකං එන්නේ නෑනේ... මේ වගේ ඒවා එක්ක රජවරු වගේ පොරවල් ඉබේම පහළ වෙනවා... එයාගේ විදිහට හැමෝම කොර වෙනවා... ගේමක් නැතිව මෙහෙම දෙයක් කරද්දි තරහා කාරයෝ ඉඳලා බෑනේ... ඉතින් නිල අයිතිය ඇත්තේ එක සුපිරි කට්ටියක් අතෙයි... ටැබා එකේ් ආතල් එකත් ඒ වගේ....... ටැබා එකේ ආතල් එක වගේම තමයි ඒකේ ගාන හොයා ගන්න වෙහෙසෙන අයගේ ලැයිස්තුවත්... ඉස්සර කම්බි විකුණලා, බෝතල් විකුණලා, පාරේ චාටර් වෙලා, හොරකම් කරලා, බඩු විකුණලා හෙව්ව සල්ලිය අද කොල්ලෝ චේන් එකක් ඇදලා කෙල්ල විකිණිලා හොයනවා... හැබැයි මේ දෙක වෙනස්... මොකද ඒ කාලේ වගේ නෙමෙයි අද... බයිසිකලෙන් රවුමයි පනස්දාහක් අතේ... සැලුන් එකට දෙදාහයි... දහදාහක් අතේ... එදා ඒවා මුකුත් තිබුණේ නෑ... හරි අපි ආයිත් කතාවට එමු...
ඇත්තටම වෙන්න ඕනේකම තිබ්ඛෙත් ඒකයි... මොකද මේ වගේ දෙයක් ගැන මොන තරම් දේ ලියන්න තියෙනවද... රටේ එක දෙයක් නැති වෙද්දි ඊට වඩා භයානක දෙයක් ලස්සනට ප්ලෑන් වෙන හැටි...
සාමාන්‍යයෙන් මේ පෙති ගැහිල්ල ගොඩක් කල් ඉඳලා කෙරෙන්නේ... ඉස්සරම තිබුණා රයිෆනෝල් කියලා පෙත්තක්. ඒකට ඒ කාලේ කිව්වේ රයින්ටු කියලා... රයින් කියන්නේ කම්පැනි නේම් එක... ටූ කියන්නේ මිලිග්‍රෑම් දෙකයි... හැබැයි මෙයින් පෙති හයක් ගැහුවොත් වෙනම ලෝකයක් ඇරෙනවා... ඒක පාවිච්චි කරන්නේ පිස්සන්ව සන්සුන් කරන්න... ඊළඟට තව තියෙනවා මේ වගේ පෙත්තක් ට්රමෙඩෝල් කියලා... මේවාත් කොන්දේ අමාරු වගේ ආබාධවලට දෙන .... කලර් පෙති... තව තියෙනවා මෝෆීන් වේදනා නාශක... මේක ගත්තොත් ලොකු දේවල්වලට... තව තියෙනවා ඉන්ඩෝ මෙතසින් කියලා... ඒවාත් එහෙමයි... තව පිස්සන්ට දෙන ඛෙහෙත් ජාති තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට බිව්වාම මනස විකෘති කරවන පෙන්සන්නොල්, මයිපෙරසීන් මේවා ඒ වගේ... එතකොට අපේ ඛෙහෙත් එක්ක තියෙනවා සෝඩියම් සල්පරේට් ඒවා හාට් පේෂන්ලට දෙන ඖෂධ... තව ඉතින් ෆ්ලෝසි... සාමාන්‍ය මානසික ලෙඩ්ඩුන්ට දෙන බේත්... මේ හැම ඛෙහෙත් පෙත්තකම පෙති හයකට වඩා ගත්තොත් අහසේ තමයි... මේවා ඉස්සර නම් ෆාමසිවල ගන්න පුළුවන්... හැබැයි දැන්නම් ගන්න බෑ... ඒත් කොරෙක්ස් එක බීපු අය ඊට පස්සේ ඒවා පස්සේ යන එක ගැන අහන්න දෙයක් නෑනේ... කොහොම හරි දැන් කුඩු කතන්දරේ රටෙන් මැකිලා යමින් තියෙන්නේ තව අවුරුදු පහකට පස්සේ ටැබා තමයි රටේ රජ වෙන්නේ...
අපි ආ වාහනේ ඊළඟ නවාතැනට ආවා... රතුපාට කොළපාට එළි ඇරුණ දොරෙන් එළියට රිංගලා ආයිත් ඇතුළට ගියා... වාහනෙන් බැහැලා ඇතුළට යන්න හදද්දි මට නිවුන් වීනස්ගේ නිදිබර මත් දෙනෙත් මගේ ඉස්සරහා මැවිලා නොපෙනිලා යනවා පෙනුණා...
(සැ.යු - මෙහි සඳහන් ඖෂධවල නම් තොරතුරු සැපයූ පුද්ගලයාගේ කට වචන උච්චාණය අනුව ලිපියට භාවිතා කර ඇත.)
කතාව - අනූ එදිරිසිංහ
(රටට වැඩක් ඇති හෙටට වැඩක් ඇති ගවේශනාත්මක ලිපි ලියන ඔබටයි අනු මේ ප්‍රණාමය..!)
Subscribe to:
Post Comments
(
Atom
)
kudu shok ne ban taba walata wadiya
ReplyDelete(k)
ReplyDelete