මිස් කෝල් වේශයෙන් ඔබ සොයා පැමිණෙන කාමාතුර අපරාධකරුවන්ට ඔබගේ තරාතිරම,ආත්මගෞරවය ,වයස විවාහකැ අවිවාහක භාවය කිසි සේත්ම වැදගත් නැත.ඔවුන් ලබා දෙන ඇමතුමට පිළිතුරු ලබා දෙන ඔබ කාන්තාවක් වීම ඔවුනට ප්‍රමාණවත් වේ.
එසේ තරාතිරමක් නොබලා මිස් කෝල් ලබා දුන් ජංගම දුරකථන මිස්කෝල් කාමාතුරයන්ගේ මී ළඟ ගොදුර වන්නේ පොලිස් කාන්තා කාර්යාංශයේ ස්තානාධිපතිවරියක් ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරියකි.
අපට ඇය හමුවන්නේ පොලිස් රාජකාරී කටයුතු වල නිරතවන අතරතුරෙමයි.සිය කාර්යභහුල බැවින් මදෙකට මිදුණු ඇය ,
අපට පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්...
අපි ඇයට සිතාරා යැයි කියමු.සිනා මුසු මුහුණකින් සහ යම් තරහකින් ඇය අපට කතාව කීමට පටන් ගනිමින් පැවසුවේ මේ මිස්කෝල් ලෙඩ්ඩු නිසා වයසක අම්මා කෙනෙකුටවත් ෆෝන් එකක් පාවිච්චි කරන්න බෑ.හරිම කරදරයක් වෙලා තියෙන්නේ.
එසේ පවසමින් අප හමුවට පැමිණි ඇය අයගේ කතාව පැවසුවේ මේ ආකාරයෙනි.
"පසුගිය සතියේ දවසක පොලිසියේ මගේ රාජකාරී සිදුකරන කාර්‍යාලයේ පැමිණිල්ලක් විභාග කරමින් හිටියා.වරක් මගේ ජංගම දුරකථනය නාද වුනා.
අඳුරන්නේ නැති නම්බර් එකක් නිසා මම වැඩිය පස්සෙන් පැන්නුවේ නෑ.මම මගේ රාජකාරියේ නියැලුනා.නැවතත් දුරකථනය නාද වුනා.ඒ වතාවේ දිගටම නාද වුනා.පස්සේ මම අන්ස්වර් කළා.එහා පැත්තෙන් කතා කළේ පිරිමි කෙනෙක්.මම ඇහුවා කවුද කියලා.එතකොට කීවා මාව හොඳට දන්නා කෙනෙක් කියලා.එයාව අඳුරන්න පුලුවන්ද කියලා ඇහුවා.මම කිව්වා නම කියන්න කියලා.සමන්ත කියලා යාලුවෙක් මගේ ටෙලිෆෝන් නම්බරය එයාට දුන්නලු.කළුතර පැත්තේ ඉන්නවා කිව්වේ.
මම කිව්වා මම සමන්ත කියලාඅ කෙනෙක් අඳුරන්නේ නෑ.වැරදි නොම්බරයක් කියලා.එහෙම කියලා ලයින් එක කට කලා.පස්සේ වෙන නොම්බරයකින් කෝල් එකක් ආවා.ඒ වෙලාවේදී කිව්වා කොම්පඤ්ඤවීදියෙන් කිව්වා.ඒ වෙලේ මම කිව්වා මම එයා හොයන කෙනා නෙමෙයි.කරුණාකරලා කෝල් කරන්න එපා කියලා.එහෙම කිව්වම කුණු හරපෙන් බනින්න පටන් ගත්තා.අහන ඉන්න බැරි තරම් කුණු හරපෙන් බැන්නා.මම ඒ වෙලේ ඔහුට කිව්වා තමුසේ වැඩ වැරැද්ද ගත්තා, තමුසේ කතා කරන්නේ අහවල් පොලිසියේ ඕ.අයි.සී.ට කියලා.
පස්සේ මිනිහා ඒක විස්වාස නොකර තවත් බැන්නා.මම පොලිසියේ ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් කළා.කෝල් කරලා මම කිව්වා එයාට විරුද්දව නීතියෙන් කටයුතු කරන බවට.
පස්සේ ඒ මනුස්සයා මට ආයෙත් කෝල් කළා.කෝල් කරලා කිව්වා ෆෝන් එක සැලුන් එකේ චාජ් වෙන්න ගහලා ගිය වෙලාවේ කවුද කෙනෙක් මගේ ෆෝන් එකට කෝල් අරන් තියෙන බව කිව්වා.කොහොම වුනත් මේ වෙනකොට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු කිරීමට මා අධිකරණ නියෝගයක් ඉල්ලා ගැනීමට පියවර ගෙන තිබෙනවා.වහාම මේ සැකකරු අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා" යැයි ඇය කීවාය.
ඇය නීතිය හා සාමය රකින පොලිස් නිලදාරිනියකි.යට වන්නට ගිය හානිය වැළකී ගියේ අයගේ නිලතල හා පිළිතුරු දුන් ආකාරය අනුවය.නොහඳුනන අංකයකට,නොහඳුනන පුද්ගලයකුගේ හැන්දකට වටිනාකම් ලබාදෙමින් ඊට පිළිතුරු සැපයීම අප නොකළ යුතු වුවත් බොහෝ කාන්තාවන් වැඩ වරද්දවා ගන්නේ දිගින් දිගටම ඔවුන්ගේ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීම හේතුවෙනි.
අද ලොව පෙරට වඩා දියුණු තාක්ෂනය හා බන්දී ඉදිරියට ගමන් කරමින් සිටී.අංක කිහිපයක් සටහන් වන බොත්තමක් ස්පර්ශ කල සැනකින් නුහුදු හතෙන් එහා සිටින අයකුගේ හඬ වුවත් හොඳින් ඇසිය හැකි සේවා පහසුකම රැසකි.
ජංගම දුරකථනය අතේ නැති අයෙක් හොයා ගැනීමට නොහැකි කාලයකි.හන්දියක් හන්දියක් ගානට ජංගම දුරකථන සිම්පත් අලෙවි මධ්‍යස්ථාන ඇත.
හැඳුනුම් පත යකාගේ වුවත් එහි ලිපිනය යකාගේ අම්මාගේ වුවත් සිම්පත් නොමිලේම ලබාගත හැක.සීමා නොවූ පහසුකම් යටතේ එහි උපරිම ඵල නෙලා ගන්නේ කුලී ඝාතකයන්,මනමාලයන් , මංකොල්ල කරුවන් පමණක් නොවෙති.
අපරාධකරුවන් දුරකථන ජාලයන් වෙත ලබාදී ඇති නොයෙක්ය්හ් ලිපිනයන් රටෙත් නැති ඒවාය.එසේ ලබා ගන්නා සිම්පතකින් වසරකට වනසන ජීවිත ප්‍රමානය ඇති මහත්ය.
ඉතින් ඔබටත් එවැනි මිස් කෝල් වදයක් ඇත්නම් ඔබ එයට තවත් පිළිතුරු සපයා ඔවුන්ව දිරිමත් කිරීමට නොයන්න.මගහැර කරදරයෙන් මිදෙන්න උත්සාහ කරන්න.එසේත් නොහැකිනම් ඔබ ඒ පිළිබඳව ලංගම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන්න.ඔවුන් නිසැකවම ඊට එරෙහිව පිළියම් ගනු ඇත.
මටත් ඔය වගේම සිද්දියක් වුනා තාම වැඩ දෙනවා ඌ කෝල් කරලා.
ReplyDeleteපොලිසියට කීවට වැඩක් වෙයිද?
apo wdak ne kawuda kiyanne ehema ???olisiya hoyayi labba.oya wage asarana wechcha kello kochchara innawada>>ane nangi oya oya sim eka maru karanna
ReplyDelete//මටත් ඔය වගේම සිද්දියක් වුනා තාම වැඩ දෙනවා ඌ කෝල් කරලා.
ReplyDeleteපොලිසියට කීවට වැඩක් වෙයිද?
uge phone number eka danda methana api uta sim eka maru karawannam. uta baninnam uge ammata chu yanda.