මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමා...ජාතිවාදීන්,ආගම්වාදීන් මගේ ප්‍රධානම සතුරායි...
අප අද ඔබ වෙත ගෙන එන්නේ මවුබිම "හටන" දේශපාලන අතිරේකයේ "මම ජනාධිපති වුනොත්" විශේෂාංගය සන්නස්ගල සමග පැවැත් වූ කතා බහේ කොටස් කිහිපයක් පමණී...
කසිප්පු බොන්න බෑ.විස්කි බ්‍රැන්ඩි පමණි.
ලංකාවේ වකුගඩු ප්‍රශ්නය ගමු.දැන් අදහසක් තියනවනේ මතට තිත කියලා.සන්නස්ගල චින්තනය යටතේ එකක් ගෙනාවා "මද පමනට මත" කියලා.එකේදී කරන්නේ කසිප්පු බොන එක නවත්තනවා.ඒවාට යුරියා දාන එක, කටු දාන එක, එතනෝල් දාන එක නවත්තනවා.ඕනෑ කෙනෙකුට තමන්ගේ ගෙවල්වලම හැළි අරක්කු ටිකක් හදාගන්න
අවසර දෙනවා.කිතුල් රා ටිකක්, පොල් ගහක් මැද ගන්න අවසර දෙනවා.ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවට අනුව "මද පමණට මත" කියන්නේ.බාර් කියන එක නැති කරනවා.ඕනෑම සිල්ලර කඩයක කොකාකෝලා එකක් ගන්නවා වගේ හොඳම වර්ගයේ මත්පැන් ටිකක් ගන්න පුළුවන්. ගමේ කසිප්පු බොන අයට කියන්න විස්කි පොඩ්ඩක්, බ්‍රැන්ඩි පොඩ්ඩක් මද පමණට ගන්න කියලා.
ඔලුවට මොළයක් බද්ධ කරනවා
යං ජෙනරේෂන් එකට ඔලුවක් තියෙනවනේ.උන්ට දෙන්න ඕනේ මොළයක්.ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන ඔලුවක් දීම තමයි තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය වෙන්නේ.
මගේ ප්‍රධානම හතුරා
ජාතිවාදීන්, ආගම්වාදීන් මාගේ ප්‍රධානම තුරයි.
පුතා දේශපාලනයට එන්න ඕනේ කිව්වොත්
මම පැනලා කියනවා කරපන් කියලා.අප්පට බැරි වෙච්ච දේ පුතා කරන්න ඕනේ.අප්පා කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා වෙනවා.
හත්මුතු පරම්පරාවකට හම්බ කර ගන්නේ?
මම හත්මුතු පරම්පරාවකටම හම්බ කරලා ඉවරයි.ඒ නිසා ඔය ටික ඔක්කොම කරලා මාසයක් විතර ඇතුලත
විධායක ජානාධිපති ධූරය අහෝසි කරනවා.
ඇමෙරිකාවෙන් පාලනයට ඇඟිලි ගැහුවොත්?
මන් ඇමෙරිකාවට කියනවා මටත් ඇඟිලි 10ක් තියෙනවා.මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමයි කියලා.
munta thamayi kiyanne ange indan kana kana un kiyala
ReplyDeleteපලයන් හු*** යන්න.ඔය මනුස්සයා කියපු කතාව හරි අපිට අවශ්‍ය වෙන්නේ රටට වැඩ කරන්න පුළුවන් කොල්ලෝ මිසක් උද්ගෝෂණ පෙළපාලි දුවන බල්ලෝ නෙමේ
ReplyDeleteමේ රටේ ඉන්න බහුතරයක් ටියුෂන් කාරයෝ අනුගමනය කරන්නේ සන්නස්වලාගේ කුනුහරපාක්ෂර ඉගැන්වීමේ ක්‍රමයි.රටක අනාගත පරපුරකැ මනස විකෘති කරමින් මුදල් ගරාගන්නා මෙවන් පාදඩයන් දේශපාලනයේ නියැලෙනවා සිහිනයකින් දුටවද මෙරට මහා ජනයාට සුළු දිය පහවිය යුතුමය.
ReplyDelete