ඇමරිකාවත් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සදා නිමයි.ලංකා රජයත් දැනුම් දෙයි

ඇමරිකාව විසින් ලංකාවට එරෙහි ජිනීවා යෝජනා මේ වන විටත් සකස් කොට ඇති බවත් ඒවා කෙටුමපත් කොට නොමැති නිසා කිසිම කරුණක් ඒ සම්බන්ධයෙන් පැවසිය නොහැකි බවත් ඔවුන් පවසා ඇත.මේ වනවිට ශ්‍රී ලංකා රජයට ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවද පැවසේ .

අද දිනයේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණි දකුණු මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර ලේකම් නිසා දේසායි බිස්වාල් මහත්මිය මානව හිමිකම් හා පශ්චාත් යුධ සමයේ මෙරට තත්ත්වය පිළිබද තවදුරටත් සාකච්ඡ කරනු ඇති බවත් ඇයගේ සංචාරය අතරතුර ඇය උතුරු පළාතට ගොස් එහි මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡ කරනු ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් කියයි.

මේ අතර  ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය විසින්ද ජිනීවා සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
"හමුදාව වෙනුවෙන් මම දිගටම කතා කළා. දැනුත් කතා කරනවා. හමුදාව සමස්තයක් වශයෙන් යුද අපරාධ කළේ නෑ. යුද හමුදාවට මම උපදෙස් දුන්නා. සියලූම සම්මත නීති රීති හා ජාත්‍යන්තර ප‍්‍රඥප්තිවලට යටත්ව ඒ විනය තියාගෙන අපි ඒ සටන මෙහෙයැව්වා. මගේ නිලධාරීන් මගේ සෙබළුන් මගේ විධානයන්ට යටත්ව ඉතාම පිරිසිදු ආකාරයට සටන්බිමේ සටන් කළා. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් දැන් ඔය ජනාධිපතිවරයයි ආරක්‍ෂක ලේකම්වරයයි කයිවරු ගහනවනේ යුද්ධය මෙහෙයැව්වා කියලා. එහෙමනම් ඒ චෝදනාවලින් රටයි හමුදාවයි බේරාගන්න ඒ අය දැනගන්න  ඕනෑ. ඒ අයට යුද්ධය ගැන අවබෝධයක් නෑ. ඒ නිසා එන්න එන්න අනාගන්නවා. බෑන් කී මූන් එක්ක ලියුම් අස්සන් කළේ කවුද සංහිඳියා කොමිසමක් පත් කරනවා කියලා. එහෙම අස්සන් කළේ මේ ජනාධිපතිවරයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉස්සෙල්ලා නැවතත් ලියවිල්ලක් අස්සන් කළා සංහිඳියා කොමිසමේ තියෙන ඒවා කි‍්‍රයාත්මක කරනවා කියලා. ඒ ඔක්කොම මෙයානේ කරන්නේ. කාගෙන්වත් අහන්නේ නැතිව එක එක දේවල්වලට එකඟ වෙනවා. එහෙම එකඟවෙලා ඒවා ඉටු නොකළාම ඒ රටවල් කියනවා ”උඹ එකඟ වෙච්ච දේවල් කරන්නේ නෑ” කියලා. 
නමුත් මම නැවතත් කියනවා යුද හමුදාව සමස්තයක් විදියට ඉතාම විනය ගරුක විදියට මේ සටන කළා. නමුත් යම් යම් පැමිණිලි තියෙනවා නම් යම් පුද්ගලයෙක් හෝ දෙන්නෙක්… අතීතයේත් අපේ හමුදාවේ එහෙම චරිත ඉඳලා තියෙනවා. ඒ වගේ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් සාක්කි තියෙනවා නම් එහෙමනම් ඒවට පියවර ගන්න  ඕනෑ. ඒව විදේශයෙන් කරනකම් බලාගෙන ඉන්න  ඕනේ නෑ. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒවට උත්තර දෙන්න  ඕනෑ. මමනම් මගේ හෘද සාක්‍ෂියට එකඟව මම කාටවත් වැරදි නියෝග දුන්නේ නෑ. මම කාටවත් නියෝග දුන්නේ නැහැනේ සුදු කොඩි අරගෙන එන අයට වෙඩි තියන්න කියලා."

JVP ය විසින්ද දෙමළ ජනතාවගේ යුක්තිය උදෙසා යැයි කියමින් " තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ වල දමා ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි" මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටී.

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර බලවේගද, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරහිව දේශීය බලවේගද ජිනීවා වෙනුවෙන් තතු කියයි.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment