ලබන මාර්තු මාසය වන විට මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට ඉඩ තිඛෙනවා

ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඇති නොහැකියාව නිසා
ලබන මාර්තු මාසය වන විට මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට ඉඩ තිඛෙනවා
කොළඹ දිස්‌ත්‍රික්‌ පා. මන්ත්‍රී විඡේදාස රාජපක්‍ෂ සිරිකොතේදී කියයි.

සැබෑ ජනමතය පිළිබිඹු නොවීමට ආණ්‌ඩුව කඩින් කඩ මැතිවරණ පවත්වනවා
- අකිල විරාඡ් කාරියවසම්
වත්මන් රජයට ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමට පවතින නොහැකියාව නිසා ලබන මාර්තු මාසය වන විට මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට ඉඩ ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේදාස රාජපක්‍ෂ මහතා පැවැසීය.

මෙරටට එල්ල වූ යුද අපරාධ චෝදනාවන්ට පැහැදිලි ප්‍රතිපත්තියක්‌ නොමැතිව රජය ක්‍රියා කළ නිසා මෙම තත්ත්වය ඇති වී තිඛෙන බව ද සිරිකොතදී පෙරේදා (30 වැනිදා) පැවැති එජාප මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කිියා සිටියේය.

2009 දී යුද්ධය වෙනුවෙන් අපේ රටට සහයෝගය දුන් බොහෝ රටවල් අද වන විට අමනාප වී සිටිනවා. එම නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය වැනි රටවල් යුද අපරාධ සම්බන්ධව අපේ රට කොටු කර ගැනීමට මුල සිටම උත්සාහ කරමින් සිටියත් ආණ්‌ඩුව ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. 2009 මැයි 18 වැනිදා ත්‍රස්‌තවාදී යුද්ධය නිමා කොට දින දෙකක්‌ ගත වෙද්දී එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ලංකාවට පැමිණියා. කිළිනොච්චිය, වවුනියාව ආදී ප්‍රදේශවල සංචාරය කොට ලංකා ආණ්‌ඩුවත් සමඟජ්මැයි 23 වැනිදා ගිවිසුමක්‌ ද අත්සන් කළා. යුද ජයග්‍රහණයෙන් කුල්මත් වී සිටි මෙරට පාලකයන් එම ගිවිසුම සම්බන්ධව පැහැදිලි අවබෝධයක සිටියේ නැහැ. එම ගිවිසුම අනුව යුද්ධය අවසානයේදී සිදු වූ යුද අපරාධ සහ මානව අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව විමර්ශනයක්‌ පැවැත්වීමට සහාය පළ කරමින් රෝහිත බෝගොල්ලාගම ඇමැතිවරයාත්, ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයාත් එම ගිවිසුමට අත්සන් කොට තිඛෙනවා. දේශීය වශයෙන් ඇති වගකීම් සම්බන්ධව පරීක්‍ෂණයක්‌ පවත්වන බව එම ගිවිසුම මගින් එකඟතාවකට පැමිණ තිඛෙනවා.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළේ ද එම ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි. අනතුරුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පිළිබඳව සොයා බැලීම සඳහා බෑන් කී මූන් මහතා දරුස්‌මාන් කමිටුව පත් කළා. දරුස්‌මාන් කමිටුව පත් කළත් යුද අපරාධ පිළිබඳව සොයා බැලීමේ බලයක්‌ දරුස්‌මාන් කමිටුවට තිබුණේ නැහැ. ඊට හේතුව රෝම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවෙක්‌ ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී අගමැතිවරයා වශයෙන් අත්සන් තැබීම ප්‍රතික්‍ෂේප කිරීමයි. ඊට අත්සන් කළේ නම් අපේ රටේ රාජ්‍ය සහ හමුදා නායකයන්ට එරෙහිව සෘජු ලෙසම ජාත්‍යන්තර අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමේ හැකියාව තිඛෙනවා.

යම් රටක්‌ රෝම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවකු නොවුණත් ඒ රටේ යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට එම රට කැමැත්ත දී තිබේ නම් ඒ රටේ සිදුවූ යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර අධිකරණයට හැකියාව තිඛෙනවා. ඒ අනුව වත්මන් ආණ්‌ඩුව ද යුද අපරාධ සොයා බැලීම සඳහා එකඟ වී තිඛෙනවා. දරුස්‌මාන් කමිටු වාර්තාවේ ද ඒ පිළිබඳව සඳහන් වී තිඛෙනවා. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සමඟ 2009 මැයි 23 වැනිදා අත්සන් කළ ගිවිසුම මගින් ශ්‍රී ලංකා රජය ඊට බලය ලබා දී ඇති බවත්, දරුස්‌මාන් කමිටු වාර්තාවේ ආරම්භයේදී සඳහන් කොට තිඛෙනවා. ඒ අනුව මෙරටට විරුද්ධව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කිරීමට ආරාධනා කොට තිඛෙන්නේ වත්මන් ආණ්‌ඩුව බව ඉතා පැහැදිලියි.

එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වන පාලිත කොහොන මහතා දරුස්‌මාන් වාර්තාවේ වලංගුභාවය පිළිගෙන ලිපි රැසක්‌ම එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත යොමු කොට තිඛෙනවා. 2011 අප්‍රේල් 26 හෝ 28 වැනි දින ඉදිරිපත් කරන ලද දරුස්‌මාන් කමිටු වාර්තාවෙන් 2011 පෙබරවාරි 15 වැනිදා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා විසින් බෑන් කී මූන් මහතා වෙත යවන ලද ලිපියක්‌ ද දරුස්‌මාන් වාර්තාවේ ඇමුණුමක්‌ ලෙස දක්‌වා තිඛෙනවා. දරුස්‌මාන් කමිටුව මගින් සකස්‌ කළ වාර්තාව සාර්ථකව නිම කොට ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කෘතවේදීත්වය බෑන් කී මූන් මහතා වෙත පළ කරන බවත් එම ලිපියේ සඳහන් කර තිඛෙනවා.

එහෙත් ශ්‍රී ලංකාව කිසියම් අවස්‌ථාවකදී දරුස්‌මාන් වාර්තාව අභියෝගයට ලක්‌ කරාවි යෑයි බෑන් කී මූන් මහතා දැනගෙන සිටියා. එය මඟහැරවීම සඳහා ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ දරුස්‌මාන් කමිටුවට සමාන කමිටුවක්‌ ගාසා තීරයේ සිදු වූ යුද අපරාධ පිළිබඳව සොයා බැලීමටත් පත් කළා. එහි ප්‍රධානියා ලෙස අපේ රටේ එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා නම් කළා. ඒ අනුව අපේ රට වෙනුවෙන් පත් කොට තිඛෙන දරුස්‌මාන් වාර්තාවට එරෙහි වීමට නොහැකි තත්ත්වයක්‌ ඇති කිරීමට බෑන් කී මහතා කටයුතු කළා. එය පදනම් කොට ගෙන ඉන්දියාව, ඇමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු රටවල සහායෙන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ විසින් ලංකාව සම්බන්ධව වාර්තා කිහිපයක්‌ එම සමුළුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

අපේ රටට පරිවාස කාලයක්‌ ලබා දෙමින් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය ආදියේ ප්‍රගතියක්‌ තිබේ දැයි එක්‌සත් ජාතීන් අපේ රට පිළිබඳව නිරීක්‍ෂණය කළා. ඒ අනුව අපේ රටේ කිසිදුජ්ප්‍රගතියක්‌ නොමැති බවට රටවල් රැසක්‌ විසින්ම ප්‍රකාශ නිකුත් කොට තිඛෙනවා. අපේ රට එම බැරෑරුම් තත්ත්වයෙන් මුදවා ගැනීමේ අරමුණින් උපරිමාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කිරීම පිළිබඳ පනතක්‌ මීට සති දෙකකට පෙර මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම පනතේ සඳහන් වන්නේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටවල් 54 ක්‌ පිළිගෙන තිඛෙන ප්‍රතිපත්තිය පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව මගින් නඩු නොවිමසා චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්‌ඩලයක්‌ විසින් ක්‍රියා කළ යුතු බවට එම පනත මගින් යෝජනා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන් හෝ අභියාචනාධිකරණයේ සභාපති සහ අනෙක්‌ විනිසුරුතුමන්ලා හෝ විශ්‍රාම ලබා සිටින විනිසුුරුතුමන්ලා අතරින් තිදෙනකු තෝරා ගන්නා ලෙසත් යෝජනා කළා. එම විනිසුරුතුමන්ලා තෝරා ගැනීමේ බලය කථානායකතුමාට හිමිවන ලෙස එම යෝජනාව ඉදිරිපත් කළා.

එක්‌සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව නඟන ප්‍රබල චෝදනාවක්‌ වන්නේ අධිකරණයේ ස්‌වාධීනත්වය නොමැති බවයි. එසේ නම් ජිනීවා නුවරදී අපේ රටේ ස්‌වාධීන අධිකරණයක්‌, ස්‌වාධීන නීති පද්ධතියක්‌ තිඛෙනවා යෑයි තහවුරු කරන්නේ කෙසේද? ජාත්‍යන්තරයෙන් එල්ල වී තිඛෙන චෝදනාවලින් නිදහස්‌ වීමට උපකාරී වන මා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කළා. එය ඉතා බරපතළ ප්‍රශ්නයක්‌ ලෙස ඉදිරියේදී මතු විය හැකියි.

ජාත්‍යන්තර බලපෑම් දේශපාලන වාසියට හරවා ගැනීමටත්, ආණ්‌ඩුව රට තුළ ක්‍රියා කරනවා. ඒ වගේම එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයට අවලාද නැගීමටත්, එම අවස්‌ථාව යොදා ගන්නවා. එහෙත් කෝකටත් තෛලය මෙන් ජිනීවා යන ප්‍රතිපත්තිය මෙරටේ ඇති කළේ වත්මන් පාලකයන් මිස විපක්‍ෂය නොවන බව අප අවධාරණයෙන් යුතුව කියා සිටියා. අපි කෙදිනකවත් ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේ නැහැ. එහෙත් අපට පසුගිය කාලයේ ආණ්‌ඩුව විසින් සිදු කරන ලද කරදර නිසා තිස්‌ හතළිස්‌ වතාවක්‌ වුවත් ජිනීවා යැමට තරම් හේතු තිඛෙනවා. නමුත් අපි ජාත්‍යන්තරයට එම ප්‍රශ්න ගෙන ගියේ නැහැ. අභ්‍යන්තර ප්‍රශ්න කෙතරම් කටුක වුවත් එය රට තුළදීම විස¹ ගැනීමට අපි කැමැත්තෙන් සිටිනවා. නමුත් වත්මන් ආණ්‌ඩුව මේ රට තුළ තිඛෙන තත්ත්වය සමඟ සිටියේ නම් සතියකට වරක්‌වත් ජිනීවා යන බව කිව යුතුයි.

ජාත්‍යන්තර ප්‍රශ්නයේදී දිගින් දිගටම උදව් කිරීමට අප උත්සාහ කළත් ආණ්‌ඩුව දිගින් දිගටම එම අවස්‌ථාව මඟ හරිනවා. අපේ රටේ රාජ්‍ය නායකයන්ටත්, යුද හමුදාපතිවරුන්ටත් විරුද්ධව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ නඩුවක්‌ පැවරීමට බෑන් කී මූන් මහතා දිගින් දිගටම උත්සාහ කළා. ඒ අවස්‌ථාවේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ ලෙස මම 2011 අප්‍රේල් මාසයේ දී බෑන් කී මූන් මහතාට අභියෝග කරමින් ඔහුට එවැනි කටයුත්තක්‌ සිදු කිරීමට බලයක්‌ නොමැති බව ලිපියක්‌ මගින් පෙන්වා දුන්නා. බෑන් කී මූන් මහතා ඒ වන තුරුත් සිතා සිටියේ තමන්ට එවැනි බලයක්‌ තිඛෙන බවයි. එහෙත් මා යොමු කරන ලද ලිපිය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරන විට තමන්ට එසේ කිරීමට බලයක්‌ නැති බවත්, එම බලය තිඛෙන්නේ ආරක්‍ෂක මණ්‌ඩලයට බවත් බෑන් කී මූන් මහතාට පිළිගැනීමට සිදුවුණා.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියේ තිඛෙන සර්ව සාධාරණ බව, රාජ්‍යයන් අතර සමාන බව ආදිය ආටෝප පමණයි. සෑම කාලයකම මේ ලෝකය පාලනය කර තිඛෙන්නේ බලගතු රටවල් කිහිපයක්‌ පමණයි. අපේ රටේත් අද තිඛෙන්නේ බලවතුන්ගේ පාලනයක්‌. අපට ජාත්‍යන්තරයට අභියෝග කිරීමට නොහැකි වුවත්, මීට පෙර පැවැති ආණ්‌ඩු රටට එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින්, රටට හානියක්‌ සිදුජ්නොකිරීමට වගබලා ගත්තා. නමුත් වර්තමාන ආණ්‌ඩුවට එවැනි රාජ්‍ය තාන්ත්‍රිකභාවයක්‌ ඇත්තේ නැහැ. අපේ රටට සමගි වන්න කියන රාජ්‍ය නායකයන් සියලු දෙනාටම කොටි ලේබල් ඇලවීමට ආණ්‌ඩුව ක්‍රියා කරනවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2009 මැයි මස 23 වැනිදා ලෝකයේ බලවත් රටවල් එකතු වී එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හරහා අපේ රට කොටුකර ගත්තා.

එක්‌සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් මහතා,

ආණ්‌ඩුව කඩින්කඩ මැතිවරණ පවත්වන්නේ සැබෑ ජනමතය පිළිබිඹු වීමට අවස්‌ථාව ලබා නොදීමටයි. ජනතාවගේ කැමැත්තක්‌ තිඛෙන බව සෑම විටම ප්‍රකාශ කරන ආණ්‌ඩුව සදාචාරයක්‌ නොමැතිව කඩින්කඩ මැතිවරණ පවත්වන්නේ එකවර මැතිවරණයකට මුහුණදීමට ඇති බිය නිසයි.

කෙසේ වෙතත් ජනතාවගේ ජීවන බර, විදුලි බිල, ඉන්ධන මිල ආදී සියලුම වියදම් පිළිබඳවත්, රටේ අවනීතිය, අසාධාරණය පිළිබඳවත් මෙම මැතිවරණය පත් කර ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්‌ථාව මඟහැරුණොත් ජනතාවට තව තවත් තම ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධව පසුතැවීමට සිදුවෙනවා. පක්‍ෂ පාට භේද අමතක කොට රට ගැන සිතා තීන්දුවක්‌ ගැනීමට ජනතාවට යුතුකමක්‌ තිඛෙනවා. ආණ්‌ඩුව අද ප්‍රමුඛතාව හඳුනා නොගෙන කටයුතු කරනවා. එම නිසා කිසිදු අය වැයකින් රජයේ වැටුප් වැඩි කිරීමට හෝ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කොට නැහැ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment