නෙළුව හප්පිටිය ප්‍රදේශයේ පදිංචි ෙදාළොස් හැවිරිදි පාසල් දැරියක් යුද හමුදාවෙන් පලා ආ සෙබළකු විසින් දැරියගේ නිවෙසේදීම අපයෝජනයට ලක්කොට ඇති අතර සැකකරු නෙළුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
තිස් දෙහැවිරිදි වියේ පසුවන සැකකරු දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. නිවෙසේ කිසිවකු නැති අවස්ථාවේ පැමිණි සැකකාර සෙබළා දැරිය අපයෝජනයට ලක්කොට ඇත. දැරිය අපයෝජනයට ලක්කරමින් සිටියදී ඇගේ පියා නිවෙසට පැමිණීම නිසා සැකකරු පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල - ලලිත් රුහුණගේ,කේ. ඒ. එස්. කුමාර
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment