සත පහක් දෙන්නේ නෑ

~සිරියාවි~

අපේ අලුත්ම ගීතය පසුගිය දෙසැම්බර් මාසයේ නිකුත් කළා. එයට අපි නම තැබුවේ ~සිරියාවි~ කියා. මෙහි විශේෂත්වය තමයි හිප්හොප් සංගීතයට නිර්මාණය වූ ගීතයක් වීම. ඒ වගේම පැරණි ගීතයක ආකෘතියද තිඛෙනවා. ඒ සඳහා සූර්ය කුමාර මුත්තලගේ මහතා සහභාගී කර ගත්තා. යුග දෙකක ගීතයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේ ගීතයට අපි සහභාගී කරගත්තා පිලිපීන් ගායිකාවක් වන එලී සෙත්ති කැස්ෆර් කියන ගායිකාව. ඒ මොකද ගීතය අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය කරවීමට එය වැදගත්. ඒ අනුව පිලිපීනය තුළ සහ තායිවානය තුළ නොබෝදිනකින් මෙම ගීතය එළිදක්වන්නට අපි සුදානම්ව සිටිනවා.


~සිරියාවි~ රූප රචනය 

ගීතයේ රූප රචනය වෙනස්ම තේමාවක්  යටතේ නිර්මාණය වූවක්. වර්තාමානයේ දක්නට ලැඛෙන ඒකාකාරී රූප රචනා රුල්ලෙන් බැහැරව වෙනස්ම අදහසක් යටතේ ත්‍රිමාණ සජීවීකරණ රූප යොදා මෙය නිර්මාණය කළා. මෙයට අපි සහභාගී කරගත්තා අනර්කලී ආකර්ෂා, මහින්ද පතිරගේ යන දෙපළ. ඔවුන් එයට උපරිම සාධාරණයක් කළා. රූප රචනය අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් රණසිංහ. මේ දිනවල විද්‍යුත් මාධ්‍ය තුළින් මෙම ගීතය නරඹන්න පුළුවන්. 

මෙය අපි ජනප්‍රිය වෙන්න කරපු නිර්මාණයක් නොවෙයි. centigradz කියන්නේ මුල ඉඳලම වෙනස් ආකාරයේ නිර්මාණ කරපු සංගීත කණ්ඩායමක්. මේ කාලේ රැල්ලට අපි ගීත නිර්මාණය කළේ නැහැ. එහෙම ගීත අපි අතින් නිර්මාණය වෙන්නෙත් නැහැ. අපි කරගෙන ආපු පිළිවෙළක් තිඛෙනවා. ඒ ආශ්‍රයෙන් නිර්මාණය වූ තවත් නිර්මාණයක් තමයි මෙය. ජනප්‍රිය වීමට වඩා නැවතත් centigradz හඬ ජනතාව අතරට ගෙන යාමට මේ අලුත් නිර්මාණයෙන් හැකිවේවි. ඒ වගේම ලංකාවේ මෙවැනි ගීත අහන්න කැමති පිරිසක් ඉන්නවා. ඔවුන්ව ඉලක්ක කරගෙනයි අපි මෙය නිර්මාණය කළේ. මෙහි රූප රචනය හරහා හැමෝටම රසවිඳිය හැකි නිර්මාණයක් බිහිකරන්නත්, එය ජාත්‍යන්තරයට රැගෙන යන්නත් තමයි අපිට උවමාන වුණේ. 



පැකේජ් ගීත කලාව

මෙය අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මොකද මේ දවස්වල නිතරම කතා වෙන්නේ මේ දේ නිසා. centigradzලා සත පහක්වත් වියදම් කරගෙන මාධ්‍යවල ගීත ප්‍රචාරය කරගෙන නැහැ. ඒ වගේම රූප රචනා ප්‍රචාරණය කරගෙනත් නැහැ. නමුත් සමහර මාධ්‍ය වලින් ජනප්‍රිය කරන්නම් කියලා මුදල් ඉල්ලලත් තිබුණා. අපිට මුදල් ගෙවාගෙන ඒ දේට යන්න ඕන වුණේ නැහැ. අපිට රසික රසිකාවියන් විශ්වාසයි. මෙයත් හරියට රිගින් ටෝන් වගේම තමයි. අපි එයත් උවමනාවට වඩා ලබාගන්න යනවා. එතැනයි වැරැද්ද.

සෙන්ටිග්‍රේඩ්ස් ලයිව් ඉන් කොන්සට්


පසුගිය අවුරුදු දෙක තුන තුළ අපි කරන්න සැලසුම් කළ දෙයක් තමයි centigradz ලයිව් ඉන් කොන්සට් ප්‍රසංගය. නමුත් පසුගිය කාලයේ අනුග්‍රාහකභවතුන් සොයාගැනීමේ අසීරුතාවයකට පත්වුණා. මෙම වර්ෂයේ කොළඹ, නුවර ඇතුළුව ප්‍රසංගය රට වටා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපිට පරිපූර්ණ සංගීත කණ්ඩායමක් සිටිනවා. 

මියුසික් එක්ප්‍රස් විත් centigradz

මේ වසරේදී අපි සියත රූපවාහිනිය සමග එකතු වෙලා ~මියුසික් එක්ප්‍රස් විත් centigradz~ නමින් සංගීත වැඩසටහනක් පටන් ගත්තා. ඒකට
අපේ කණ්ඩායමේ සාමාජිකයන් සියලුදෙනාම සම්බන්ධ වෙනවා. එය සෑම බ්‍රහස්පතින්දාවකම සවස 6.00 ට සියත ටී.වී. තුළින් විකාශය වෙනවා. අලුත්, සුපිරි ඕනෑම පරපුරක ගීත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් ලංකාවේ ගීත වගේම, විදෙස් ගීත ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සංගීත කණ්ඩායමක් ඉදිරිපත් කරන පළමු සංගීත වැඩසටහන මෙයයි.

වෙළඳ දැන්වීම් නිර්මාණකරණය


මේ වන විට අපි ලංකාවේ ප්‍රසිද්ධ ආයතන සමග වෙළෙඳ දැන්වීම් නිර්මාණයට දායක වී තිඛෙනවා. මේ හරහා වෙනස් දෙයක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න උත්සාහ කරනවා.

දුරකථන අංකය - 0112-814 309


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment