නූතන දිසාපාමොක් (වරු)

ලංකාව කියන්නේ මීට කාලයකට ඉස්සරවෙලා අධ්‍යාපනය කියන විෂය පථය අතින් හරිම ඉහළින් හිටියෙ. ඒ කියන්නෙ ආසියාවේ සාක්‍ෂරතාව අතින් අපි අංක එක. හැමදාමත් ලංකාවේ බුද්ධි ගලනයක් තිබ්බා. ඒකට හේතුව වුණේ අපේ රට පැවැති යහපත් වූ අධ්‍යාපන ක්‍රමය නිසා මනා ලෙස ඉගෙනගත්තවුන්ට හැමදාමත් ලෝකය විවර වීම. මේ වගේ අධ්‍යාපනයක් පැවැති රටක හැම අංශයෙන්ම අපිට ඉහළට යන්න පුළුවන් වුණේ ගුරුවරයා හා සිසුන් අතර පැවැති මනා බැඳියාව හා ඔවුන් ලබාදුන්නා වූ යහපත් අධ්‍යාපනය නිසා. ඒත් එතැනට අපේ පොත පත කියන දේ විතරක්ම ආදේශ කරන්න බෑ. කරන්න බෑ වගේම තමයි එහෙම ආදේශ කරලා හරියන්නෙත් නෑ.

මොකද ගුරුවරයා විසින් සිසුවාට ලබාදෙන දැනුම අතරේම ඔවුන් මනා සම්බන්ධතාවක්ද පවත්වාගෙන යන්න ඕන. පුරාණ අතීතය ගුරු - ගෝල සම්බන්ධතාව මනා ලෙස තිබුණු වකවානුවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ගුරුවරයා වෙතින් යහපත් ලෙස අධ්‍යාපනය නිම කරන සිසුවාට තමන්ගේම දියණිය සරණපාවා දෙන්නට ඔහු පැකිළුණේ නැත්තේ ඒ ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයාගේ මනස අවබෝධ කරගෙන යහපත් වූ චර්යා රටාවක් ඔහු ලබාදුන්නාය කියලා දන්න නිසා. කොහොම වුණත් සිද්ධ විය යුත්තේ ගුරුවරයා ළමයාව තේරුම් ගැනීම මිසක් ළමයා විසින් ගුරුවරයාගේ දැනුම මඳ භාවය හා අසික්කිත, නොසරුප් වදන් භාවිතයෙන් ඔහුගේ අමානුෂිකත්වය තේරුම් ගැනීම නෙවෙයි.

මීට ටික දවසකට ඉස්සරවෙලා කොළඹට මඳක් එහායින් තියෙන පාසලක සිසුන් කණ්ඩායමක් එකතු වෙලා අපේ ලයංල කණ්ඩායමට කතා කරලා තිබුණා ඒ අය එක්ක සම්බන්ධ වෙලා පාසලට යම් මාධ්‍ය මෙහෙවරක් කරන්න කියලා. ඒත් අවසානෙදි විදුහල්පතිවරයාගේ ප්‍රකාශය වුණේ ලඔය ඕකේ ඉන්නේ කොණ්ඩෙ වවාගත්ත, පච්ච කොටපු මහ රස්තියාදුකාරයෝ ටිකක්. ඒක නිසා උනුත් එක්ක ඕවා කරන්න ලේස්ති වෙන්න එපායල කියලා. අවසර... ඔය විදුහල්පතිතුමාට කියන්න තියෙන්නේ කරුණු කාරණා නොදැන තමන්ගේම අසාධාරණ තීරණයන්ට එළැඹෙන්න එපාය කියලා. මොකද සිසුන් තේරුම්ගත යුත්තේ ගුරුවරයාගේ මනස නොව ගුරුවරයා තේරුම් ගත යුත්තේ සිසුන්ගේ මනසයි. ඒක සරල කතාවක් වුණාට මේක අභ්‍යන්තරයේ තියෙන දරුණුම කතාව තමයි කිසිම අයුරකින් මොවුන් ළමයාගේ මනස තේරුම් නොගැනීම.
මේ විදියට ළමයාගේ මනස තේරුම් නොගැනීම් නිසාවෙන් අපට දැනගන්නට ලැබුණු සංවේදීම සිදුවීමක් පසුගිය 5 වැනිදා අපට ආරංචි වුණ. ඒ කුරුණෑගල විදුහලක ඉගෙනුම ලබන වෙනුෂා ඉමන්දි බණ්ඩාර කියන 11 වසරේ සිසුවිය විදුහල්පතිවරයා විසින් නොසරුප් වදන් ඇතුළත්ව කළ ප්‍රකාශයකින් හා බැනවැදීම් නිසා තමන්ගේ දිවි තොර කර ගැනීම. මේ හැම දෙයක්ම වෙනුෂා එයාගේ අවසන් ලිපියේ සඳහන් කරලා තිබුණා. එයා එයාගේ අවසන් ලිපියේ සඳහන් කරලා තියෙනවා ළමයි පොඩි වරදක් කළාම ලවේසිල කියලා කතා කරන්න එපා කියලා.

මෙතැනදි අපට හොඳටම තේරෙන දේ තමයි ළමයින්ගේ මනස විතරක් නෙවෙයි දැන් ඉන්න අතළොස්සක් ගුරුවරුන්ට හරියට ළමයෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නෑ කියලා. මේ ලිපිය ලියන්න ගත්තට අපිට කිසිවක්ම ලියන්න ඉතිරි වෙලා නෑ. මොකද වෙනුෂා පියවරෙන් පියවර එයාට වුණු දේවල් තමන්ගේ ලිපියේ සඳහන් කරලා තියෙන නිසා.

මතකයි නේද සුනිල් එදිරිසිංහ ගුරු භක්තියෙන් මෙන්න මෙහෙම ගීයක් ගායනා කරලා තිබ්බා.
ලපැන මඩ කඩිති
වැව් තාවුලු පෙර කාලේ
පෙන්නා මඟ නොමඟ
නොවැටී යන තාලේ
සිප්කිරි පෙවූ මූසිලයන්
උඩු මහලේ
අපෙ ගුරුතුමා යයි
තාමත් ඉස්කෝලේල
ඉතින් ගුරු ගෞරවයෙන් ප්‍රේම”ය ගීත ගයන්න ඕන රටක සිසුන්ගේ මනස තේරුම් ගන්නට බැරි අධමයන් දරුවන්ගේ මනස තේරුම් ගන්නට නොහැකිව අසික්කිත ලෙස වචන භාවිත කරමින් ඉන්නා විටෙක මියගිය (මරාදැමූ) වෙනුෂා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට නොවේ නම් පාසලේ දරුවන්ට කියන්නට වෙන්නේ,
ලඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේල කියලා තමයි.
ඒත් ළමයින්ට ලවේසිල කියන්න එපා සර්....

රජිත බස්නායක

අප්පච්චී වෙත,

මට සමාවෙන්න මේ වගෙ තීරණයක් ගත්තට. මට වරදක් නොකර මට මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනයන්න කිසිම ඕනෑකමක් නෑ. මම කළා නම් කළේ හත වසරේදී 4බධ එක ජ්ඡ දාපු කෙනයි ඒ 4බධ දුන්නු කෙනයි දෙන්නම බේරිලා ඇයි මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ. අද මම මගේ අහිංසක අප්පච්චි ගෙනිච්චා නම් සර්ගේ පද කොච්චර අහන්න ඕනෑද. මගෙ අප්පච්චි එහෙම දේවල් අහන්න ඕන නෑ. කොච්චර ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ. ඒ අස්සේ කොහෙවත් යන වැඩකට මගෙ අප්පච්චි බාල්දු කරන්න මට ඕනෑකමක් නෑ. මේ ඔක්කොටම හේතුව අපෙ ප්‍රින්සිපල් කිසිම දෙයක් දන්නෙ නැතිව මට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ ඇයි කියලා මට තේරෙන් නෑ. එක පාරක් ළමයි 5,000ක් මැද්දෙ රැස්වීමේ උඩට ගත්තා කොල්ලෙක් එක්ක ජ්ඪතථ එකක් බැලුවා කියලා. ඒවා මගෙ නංගි, අක්කි දන්නවා මං තනිවමද ගියේ ගියලා. මෙච්චර අසාධාරණකම් වෙද්දි මං ගොඩක් ඉවසුවා.

තවත් බෑ බණ්ඩාර සර් පන්ති භාරව දානවා කියලා දැනගත්ත දවසෙ ඉඳලා හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා. එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා මේ ඉස්කෝලේ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද. ඉස්කෝලේ වෙනුවෙන් කැපවීම් කරන එක තමා ලොකුම වරද. ඉස්කෝලේ මොකක් හරි තරගයක්, උත්සවයකට මම නැටුවේ නැත්නම් තමා පුදුමේ. ජයසුන්දර මිස් රංජනී මිස් ඒවා දන්නවා. මට තවත් බෑ මගෙ බණ්ඩාර සර්ටයි අප්පච්චිටයි දුකක් වෙන්න. මං අද කරගන්න දෙයින් මං හිතනවා තවත් ළමයෙක්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැතිවෙයි කියලා. සමහර සර්ලා ප්‍රශ්නයක් වුණාම මගෙ පවුල ඇදලා ගත්තා. මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ඉස්කෝලේ වේස පද අහ අහ ර්”/ඹ් කවදාවත් කරගන්න බෑ. මගෙ මරණින් පස්සෙවත් අපේ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කළාට එයාලට වේසි කියලා කියන එක නවත්වන්න. ළමයින්ට වරදක් කියද්දි කවුද හරි වැරැදි කියලා හොයලා බලන්න කියලා. ඔය ඉස්කෝලේ වැරැදි කරන්නේ මායි නංගියි විතරක් නෙවේ. 50%ක්ම යාළු වෙලා ඉන්නෙ. ඒවා සර් දන්නෙ නෑ. අපි කියන්නෙත් නෑ. ඒකයි අපිට හැමදාම වැරැදි කියන්නේ. මම මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි. කවුරුත් ඉස්සරහා මගේ දුව කරපු වැරැදිවලට කොහෙන්වත් කියනවාට මං කැමැති නෑ. දැන් ප්‍රින්සිපල්ට කියන්න මාව ඉස්කෝලෙන් අයින් කරලා දාන්න කියලා. අපි හොඳ දෙයක් කළාම තරගවලින් දින්නාම අපිට හොඳ නාමය දුන්නා. ඒත් වරදක් කළාම මුළු ඉස්කෝලේට ඇහෙන්න කෑගහන්න විතරයි දන්නේ. එයා කියන්නේ මාව ඉස්කෝලෙට අගෞරවයක් කියලනේ. ඕවා අහ අහ ඉස්කෝලේ එන්න බෑ. ගමගේ සර් කිව්වා මං නරක ළමයෙක් කියලා. මං ඒ වෙලේ මගේ ර්”/ඹ් රිසාල්ට්වලින් මගෙ හොඳ නරක පෙන්නන්න තීරණේ කළත් මං පරක්කු වැඩී. ඒත් කරන්න දෙයක් නෑ.

මට ඔය ඉස්කෝලේ මගෙ දක්‍ෂතා ගැන කියනවා නම් කීවේ බණ්ඩාර සර්, නැටුම් මිස්ලා, ප්‍රභා මිස් විතරයි. මං ප්‍රභා මිස් ගාවට ගිහින් මගෙ ප්‍රශ්න කියලා මිස් මගෙ හිත හදපු වෙලාවේ මං ලොකු තරගයක් දෙන්න තීරණය කරං හිටියේ. ඒත් මගෙ හීන ඔක්කොම විනාශ වෙලා. මට දැන් ර්”/ඹ් තියා ලබන ආත්මේ කොහොම තැනක් තියේද කියලා හිතාගන්න බෑ.

අප්පච්චි ඔයා මගෙ ඉඩම් කොටස ඔයාගෙ නමට පවරාගන්න කියලා මම නැතුව ඔයාට සලකන්න කෙනෙක් හිටියොත් පුදුමයි. දැන් ඔයා ළඟින් ඔක්කොම ඉන්නෙ සල්ලි තියෙන නිසා. නැති වුණු දාට ඔයා ළඟ කවුරුත් නැති වෙයි. ඒක වෙන්න දෙන්න බෑ. අවසාන අවස්ථාවෙත් මගේ අප්පච්චිගේ ඇස් දෙක විතරයි පේන්නේ. මට ඔයා දාලා යන්නෙ ගොඩක් දුකයි. නංගිත් පුළුවන් නම් ඉස්කෝලෙන් අස් කරන්න. මේ ප්‍රින්සිපල් ඉන්නකම් මගෙ නංගිට වෙනස්කම් කරයි. අම්මේ ඔයාටත් ගොඩක් ආදරෙයි. මාත් එක්ක ඔයා කතා නොකළාට කමක් නෑ. සතුටින් ඉන්න. මගෙ අක්කිව මට අන්තිමේ වෙලාවෙත් බලාගන්න බැරි වුණා. ඔයාත් ඉන්න තැනක සතුටින් ඉන්න. මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න නංගි. එයා ලොකු ගින්දර ගොඩක් මැද්දෙ පිච්චි පිච්චි ඉන්නේ. මං නැතුව ඔයාගේ ප්‍රශ්න කියන්නේ කාටද. අප්පච්චි මට ලියන්න ලියන්න මගේ හිතේ දුක වැඩි වෙනවා. යන ආත්මයකටවත් සැනසීමක් නැති වෙයි.
මං මේ තීරණය ගත්තේ මම වගේ වැරැදි නැති ළමයි තව ඉඳියි. ඉස්කෝලෙන් අස් කරන්න බලයි ඒ ළමයි වෙනුවෙන්ද මේ තීරණේ. ධ් ඹ්ධමඥ රධභ ථර ජ්චථඪතර.
මාව දැක්ක ගමන් බණ්ඩාර සර්ට ඉස්සෙල්ලාම කියන්න.

මීට චූටි දුව
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. oya lamaya dn marila iwarayi ban
    kiyawanne nethuwa hitapan

    ReplyDelete
  2. :-? pala pala marila iwar unata meke adminata duka athi.
    mu nikan eki gena duk wenne eki uge geni wagene

    ReplyDelete
  3. yako e kellata wechcha asadaraneta idiripath wiyan
    baila kiyawanne nethuwa

    ReplyDelete