හිටපු මන්ත්‍රී පුතාගේ චන්ඩිකම් ජාතිවාදය මුවාවෙන් යට ගසයි

ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ සහ ශ්‍රී ලංකා පොලිසියේ අවධානය පිණිසයි.

 බිබිල යක්කුනාව මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට එම ප්‍රදේශයේම , ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පිරිසක් විසින් ඊයේ පස්වරුවේදී පහර දී ඇත.

එම පහර දීම සිදු වීම වී ඇත්තේ කලාප ක්‍රිකට් තරඟයක් අතරතුරදීය.ක්‍රිකට් තරග සඳහා පුහුණුවීම් වල යෙදී සිටි පාසල් සිසුවියක විසින් එල්ල කරන ලද පන්දුවක් ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ සිසුවෙකුගේ ශරීරයේ ගැටීම නිසා සුළු බහින් බස් වීමක් සිදු ව ඇත.
තත්වය  සමතයකට පත් කොට ගෙන නැවත ගම බිම් බලා පැමිණීමට යාමේදී පස්වරු 2.30ට පමණ මුස්ලිම් පාසලේ සිසුවන් දෙදෙනෙකුද එම පාසලේම බස් රථයට ගොඩ වී ඇත.පසුව ඔවුන් විසින් පිටත පාර්ශවයන් සමග සම්බන්දතාවයන් පවත්වමින් අයිවෙල හන්දියෙක් තෙක් පැමිණ ඇති අතර එම ස්ථානයේදී බස් රථයෙන් යක්කුන්නවා විද්‍යාලයේ සිසු සිසුවියන්ව බස්සවා ඇත.ඉන් මොහොතකට පසු සුදු කැබ් රියක පැමිණි  දහයත් පමන පිරිසක් හිටපු සන්ධාන මන්ත්‍රී ස්මයිල් ගේ පුත්‍රයාත් සමග පැමිණ පොලු මුගුරු වලින් අවුරුදු 14 - 15 වයස් සීමාවේ සිසු සිසුවියන්ට පහර දී ඇත.

එම පහර දීම අතර තුර සිසුවියන්ගේ යටි බඩ ප්‍රදේශයට අමානුෂික ලෙස පොලු වලින් සහ පා පහරෙන් පහර දී ඇති අතර සිසුවන්ගේ හිසට පොලු මුගුරු වලින් පහර දී ඇත.තිස් පස් දෙනෙකු මෙසේ පහර දීමට ලක් වී ඇති අතර සිසුවියන් තුන්දෙනෙකු ඇතුළුව අට දෙනෙකු  රෝහල් ගතව ඇති අතර එක අයකු දැඩි සත්කාර ඒකකයේ පසුවේ.


පොලිසිය විසින් පැමිණිල්ල සටහන් කර ගැනීම පැය දෙකකට අධික කාලයක් මන්දගාමීව කටයුතු කර ඇති අතර පහර කෑමට ලක් වුවන්ගේ මා පියන් විසින් සිදු කල උද්ගොෂණයට පසුව කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.තවත් කිහිප දෙනෙකු නිදැල්ලේ පසුවෙන බවද පැවසේ.

පසුව අද උදෑසන යක්කුන්නවා විදුහලේ සමත සාකච්චාවක් පැවතී අතර එයට ප්‍රදේශයේ මවුලවි වරයෙකු සහ ස්වාමීන් වහන්සේලා තුන් නමක්ද ඌව ප්‍රදේශයේ DIG සහාගී වී ඇති අතර ජාතිවාදය ඇවිස්සීමට ඉඩ ඇති බැවින් මෙය මාධයෙන් වාරණය කරන ලෙස බලපෑම් කරන බව පහර කෑමට ලක් වුවන් පවසා ඇත.


ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ සහ ශ්‍රී ලංකා පොලිසියේ අවධානය පිණිසයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment