දේශපාලනයේ නියෑලී කාන්තාවන්ගේ රෙදි ගැලවූ එක්සත් ජාතික පක්ෂයේ ආරාධනාවක් ලැබ නදීශා හේමමාලී එළඹෙන පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වු ආකාරයත්, ඒ අපේක්ෂත්වය සදහා ඇයව තෝරාගෙන ඇති ආකාරයත් මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවා වාර්තා කර තිබුණි. මේ අතර අනර්කලී ආකර්ෂා මාතර දිස්ත්‍රික්කය සඳහාම එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකත්වය ලැබූ ආකාරයද විචිත්‍ර ලෙස වාර්තා විය. දැන් දේශපාලනයේ රැළි නැගෙන්නේ න`ඵනිළියන් ක්‍රීඩකයන්, රූපසුන්දරියන් වැනි වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ජනතා ආකර්ෂණය ලබා ගත්තවුන් වෙතින් නිසා ඒ මාධ්‍ය ප්‍රචාරය ගැන පුදුම විය යුතු නැත.
නමුත් මේ එළඹුම ඔවුන් පිළිබ`ද කතිකාවතකට යාමට නොවේ. බිම් මට්ටමින් ලාංකීය කාන්තා පරපුර සැබෑවටම නියෝජනය කරන ''ආදර්ශයන් '' නිර්මාණය කරගැනීමෙහිලා ලාංකීය සමාජය අපොහොසත් වීම පිළිබ`දව සංවාදයකට පසුබිම සකසා ගැනීමටයි.
1931 දී අවුරුදු 21 ට වැඩි සියලුම කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණ අප රටේ විධිමත් නීතිය තුළ ස්ත්රීන්ට දේශපාලනයේ යෙදීමේ තහනමක් නැත. නමුත් යථාර්ථය දේශපාලනයේ නියෑළෙන්නේ පුරුෂ සම්මතයන් වෙත ළ`ගා වීමේ හැකියාව ඇති ස්ත්‍රීන් පමණක් වීමය. ලාංකීය දේශපාලනය තුළ යම් ස්ථාවරත්වයක් අත්පත් කරගත් බොහෝ ස්ත්‍රීන් පුරුෂයින්ගේ දැවැන්ත සෙවනැල්ල යට දේශපාලනයට පිවිසුනාහු වෙති. ඔවුනට තමන්ටම අනන්‍යවූ ස්වාධීනත්වයක් තිබුණේ නැත. එබැවින් ඔවුහු තීරණ ගැනීමේ ආයතන තුළ කෙතරම් ඉහළ වගකීම් දැරුවද පීඩාවට පත් අතිබහුතරයක් වූ ලාංකීය කාන්තා පරපුර විෂයෙහි දැනෙන වෙනසක් කිරීමට ඔවුනට හැකියාවක් නොවීය.
ජනගහණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන මෙරට කාන්තා පරපුර ජාතික ආදායමෙන් 60% කට දායකත්වයක් දරති. ඒ මැදපෙරදිග ගෘහසේවය, ඇග`ඵම් ක්ෂේත්රය, වතුකරය, කෘෂිකාර්මික ක්ෂේත්රය හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් තුළ තම ශ්‍රමය වගුරුවමිණි. ව්‍යවස්ථාදායකය, ඉහළ නිලධාරීන් හා කළමනාකරණ ක්ෂේත්රය නියෝජනය කරන්නේ කාන්තාවන්ගෙන් 4% කි. සිය ජීවන අරගලය තුළදී ශ්‍රී ලාංකික කාන්තාවෝ අනේකවිධ වදහිංසා වලට ලක්වෙති. මැදපෙරදිග රටවල සිරගතවීම, ඉදිකටු ඇ`ගපුරා යෑවීම, අත් පා කඩා දැමිම, පිළිස්සීම, දූෂණයට ලක්වීම, මහල් තුළින් පහළට තල්ලුකර දැමීම මෙන්ම මෙරට සිට සිතිය නොහැකි තරම් දරුණු හිංසනයන්ට ලක්වෙති. ඇග`ඵම් ක්ෂේත්රය තුළද සිදුවන්නේ මෙවැනිම වහල් මෙහෙයකි. වෙනත් රටවලට සාපේක්ෂව ඉතා අඩු වැටුපකට කුඩා බෝඩින් කාමරවල සිරවී, සමාජයේ විවිධ අපවාදයන්ට අවමානයන්ට ලක් වෙමින් තරුණියෝ ඔවුන්ගේ යෞවනය දියකරති. එමෙන්ම තේ ගස් අතරම ඉපදී තේ ගසටම පොහොරවන වතුකරයේ කාන්තාව තවමත් දරිද්‍රතාවයේ පතුලේම සිටියි. මොනතරම් නීති රීති තිබුණද ඔවුන්ගේ දියණියෝ තවමත් මෙහෙකාර සේවයේ යොදවනු ලැබේ. එමෙන්ම වැටුපක්, නිසි ඇගයීමක් නැතිව කෘෂිකාර්මික ක්ෂේත්රයේ අනාදිමත් කාලයේ සිට ගම්බද කාන්තාවෝ යෙදී සිටිති. ශ්‍රී ලාංකික කාන්තාවගේ ක්‍රියාකාරී ක්ෂේත්රය පවුලයි. කුස්සියටත්, ළදරුවන් රැකබලා ගැනීමටත් අවශේෂ වැඩවලටත් ඇය බැ`ද තබා තිබේ. සැබවින්ම තවදුරටත් ඇය ගෘහස්ථ වහළියකි.
සමාජයක සුපිළිපන් භාවය මැනෙන්නේ එකී සමාජයේ භෞතික සම්පත් මත නොව එම සමාජය කාන්තාවන්ට හා දුබලයින්ට සලකන ආකාරය අනුවය. ඒ නිර්ණායකය තුළ තබා අපේ සමාජය දෙස බලනවිට එහි තත්ත්වය කෙබ`දුද? නිවසේදී, ම`ග තොටේදී, බස්රියේදී දුම්රියේදී වැඩපොළේදී ඔවුහු අතවරයට හිංසනයට ලක්වෙති. රැකවරණය ලබා දියයුතු පියා. සොයුරා, ඥතියා, ගුරුවරයා, දේශපාලනඥයා අතින් දූෂණයට ලක්වෙති. බීමත් හා දුරාචාරයට යොමුවූ සැමියන්ගේ ගොදුරු බවට පත් වී කෙළවර සිය දරුවන්ද සම`ගින් සියදිවි හානිකර ගනිති.
එබැවින් සමාජයේ මේ අවාසනාවන්ත ඉරණම්වලට ලක්ව සිටින හ`ඩක් නැති කාන්තාවන්ගේ හ`ඩ තීරණ ගන්නා ආයතන තුළ නගන සැබෑ කාන්තා නියෝජනයක් ඉක්මණින් රටට අවශ්‍යය. මේ ස`දහා පාර්ලිමේන්තුවේ 25% කෝටාවක් ස්ත්රීන්ට වෙන්කොට කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමෙන් පමණක් සැබෑ කාන්තා ප්‍රශ්න වලට විස`දුමක් ලැබේ යෑයි සිතීම විහි`ඵවකි. ස්ත්‍රී ඔ`ඵගෙඩිවලින් මෙම ආයතන පිරවීම නොව, සමාජය පහළින් එහි ව්යqහය තුළින් මතු වී එන අරගලවලින් පන්නරය ලැබූ දේශපාලනික කාන්තා චරිත බහුතරයක් නිර්මාණය කරගැනීමට එකී වගකීම පැවරී ඇති කාන්තා ව්‍යාපාර තවමත් අසමත්ය. අද ඒවා දේශපාලන පක්ෂවල කනිෂ්ඨ සංවිධාන වී ඒවායේ න්‍යාය පත්‍රයට අනුව වැඩකරති. ඒවායේ නායිකාවන් නම් කරන්නේ දේශපාලන පක්ෂවල මධ්‍යම කාරක සභාවය. මහපාරේ පවත්වන කාන්තා උද්ඝෝෂණ වලදී ඔසවන පුවරු ඔවුන් අතට ලැබෙන්නේද අන්තිම මොහොතේය. අනෙකුත් කාන්තා සංවිධාන මාර්තු 8 වනදා දේශන, සංවාද, සංදර්ශන පවත්වා තම සංවිධානයේ පැවැත්ම තහවුරු කරගනී. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මැතිවරණවලදී නාමයෝජනා ඉදිරිපත් කරන බිම් මට්ටමින් දේශපාලනයට පිවිසීමට කැමති කාන්තාවන්ගේ නම් නාමයෝජනා මණ්ඩලවලදී මුලින්ම කැපීයයි. කාන්තා නායිකාවන් බිහිකරනවා යෑයි කියන කාන්තා කටයුතු අමාත්‍යාංශය එවැනි තැන්වලදී කෝදිරිල්ලක්වත් නොනැගීමට වග බලා ගනියි. එවැනි කාන්තාවන්ට ඉඩක් ලබා නොදෙන මෙරට ප්‍රධාන පක්ෂ ජනප්‍රිය, ''ආකාශ කුසුම්'' වලට, දේශපාලනයට උඩින් සම්ප්‍රාප්ත වීමට ආරාධනා කරති.
ඉදිකටුවත් විකුණා ගැනීමට කාන්තා සිරුරු සොයන මේ නරුම සමාජය දේශපාලනයේදී විකිණීමට කාන්තා සිරුර වෙළ`ද භාණ්ඩකර ගැනීමේ ව්‍යාපාර දිගටම කරගෙන යනු ඇත. මන්ද අපේ පසුගාමී සමාජයද ඊට යහපත් ප්‍රතිචාර දෙන බැවිනි. දැන හෝ නොදැන මීට හසුවන ආකාශ කුසුම්වලට කියන්නට ඇත්තේ මෙපමණය. අපට ඔබ ගැන දුකය. රට ගැන, රටේ අනාගතය ගැන ඊටත් වඩා දුකය.
සුජාතා අලහකෝන්
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment