"ගැහුවොත් ගහනවා" පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කරන්නන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී බලය පෙන්නන්නට ආවොත් තරාතිරම නොබලා අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කිරීමට උපදෙස් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.
එතුමා මේ බව ප්‍රකාශ කලේ කොළඹ පොලිස් මුලස්තානයෙදී ඊයේ පෙරවරුවේ පවතී මාධ්‍ය හමුවකදීය.
ජනතාවගේ පරම අයිතිය වන චන්ද අයිතිය සුරැකීමට පොලීසිය ක්‍රියා කරන බවත්,කෙනෙක් පොලීසියට අත තැබීම නීතියේ ආධිපත්‍යට අත තැබීමක් ලෙස සලකන බවත්.එවැනි පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කරන බවත්,ඒ මහතා පැවසීය.ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක නියැලීමට සියලු දෙනාට ආරාධනා කරන බවද,පළාත් සභා පනතේ දක්වා ඇති ප්‍රමාණය ඉක්මවා මැති වරණ ප්‍රචාරණ කටයුතු නොකරන ලෙසද එතුමා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කරන බැනර්,පෝස්ටර්,කටවුට් ඉවත් කිරීමට දල වශයෙන් රුපියල් මිලියන 20ක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලබා දීමට එකඟ උන බවද ඒ සඳහා තාවකාලිකව කම්කරුවන් 451ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
ඊට අමතරව මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා මහා මාර්ගය යොදා ගනිමින් මහා මාර්ගයේ විවිධ සලකුණු ඇදීම් වලට එරහිව මැතිවරණ නීතිය අනුව පොදු දෙපලට හානි සිදුකිරීමට විරුද්ධව නීති මගින් කටයුතු කරන බවද මහා මාර්ගයට සිදු වී ඇති හානිය රුපියල් 25000ත වඩා වැඩි යයි මහා මාර්ග අධිකාරිය විසින් දැනුම් දුනහොත් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවද පවතින බව තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්භන්දයෙන් පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයට දන්වන ලෙසත් මේ සඳහා මහජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බවත්.මෙවැනි කටයුතු වලදී ආධාර අනුබල දෙන්නන්ට විරුද්ධව කටයුතු කරනවා මෙන්ම නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ටද විරුද්ධව පියවර ගන්නා බවද පැවසීය
0 comments:
Post a Comment