කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක්ව පාසල් නිල ඇඳුමින්ම කැලණිය පින්තාලිය පාර කුරුඳුවත්ත හංදියේ පිහිටි පාළු නිවසකට රැගෙන ගොස් මෙරට නිෂ්පාදිත ජීව නාශක අත්බෝම්බයක් පෙන්වා බියවද්දා ලිංගික අතවර කිරීමට තැත් කළ තිස්හතර හැවිරිදි දෙදරු පියකු (18 දා) එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෝනහේන වෑබඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර මෙම සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
18 දා දහවල් 2.00 ට පමණ මෙම දැරියව රැගෙන කැලණිය පින්තාලිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පාළු නිවසකට ඇතුළු වූ අයුරු දුටු ප්රදේශවාසියෙක් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීම නිසා මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. පාසල් සිසුවිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම රෝහලට ඇතුළත්කර ඇති අතර ජීව අත් බෝම්බයක් ළඟ තබා ගැනීම බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම යන චෝදනා මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
රුක්මන් පින්තු
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment