භූතයා මිලට ගත් 64% කට 'භූතයා' වැහිලා

ගොයම් කැපීම, එක්‌ කිරීම, පෑගීම බොල්කාටු ඉවත් කිරීම, පිරිසිදු බැත වෙන්කිරීම, පරිසරයට පිදුරු හෙලීම, මලුවලට බැත පිරවීම මෙවැනි කරුණු හතක්‌ එක්‌ යන්ත්‍රයක්‌ තුළට කැටිකළ ලභූතයාල නමින් ගොවි ජනතාව හැඳින්වූ යන්ත්‍රයක්‌ අස්‌වනු නෙලීමේ බහුකාර්ය යන්ත්‍රයක්‌ ලෙස දේශීය කුඹුරුවලට පැමිණියේය. දින ගණනක්‌ අස්‌වනු නෙලීමට කල්ගත කිරීමෙන් ඇතිවිය හැකි කාලගුණික අවදානම මගහරවා ගැනීම, ගොවියාට ඇඟපත නොහොල්ලාම මලුවලටම වී ටික පුරවාගැනීමේ හැකියාව, ශ්‍රම කුලියට වඩා භූතයාගේ කුලිය අඩුවීම වැනි කරුණු නිසා බොහෝ ගොවියෝ භූතයාගෙන් අස්‌වනු නෙලීමේ කටයුතු කර ගැනීමට උනන්දු වූහ.

භූතයාගෙන් අස්‌වනු නෙලීමේ කටයුතු කිරීමේ සිදුවන අපහසුතා කීපයක්‌ද වෙයි.

අධික පීඩනයෙන් වී ඇට තැලීම නිසා නැවත බීජ වශයෙන් ඒවා පාවිච්චියට ගැනීමට අපහසුවීම, වී කෙටීමේදී හාල් ඇට කැඩී තිබීම, කාටු - බොල් ආදිය පරිසරයට ගලායැම නිසා සිදුවන පරිසර දූෂණය, වැටුණු ගොයම කැපීමේදී කූරුවලින් ගොයම උස්‌සා ගන්නා විට වී ඇට හැලීයැම, කාටු සහ බොල් සමඟද පිදුරු සමඟද හොඳවී ඇට පිටවී යාම

මෙසේ සිදුවන යාන්ත්‍රික දෝෂ තුළින් සාමාන්‍යයෙන් අක්‌කරයකට වී බුසල් 2 ත් 5 ත් අතර ප්‍රමාණයක්‌ අපතේ යයි. මෙවැනි අපතේ යැම් සිදුවන බව මහඉලුප්පල්ලම ගොවිපළ යාන්ත්‍රික මධ්‍යස්‌ථානයද පිළිගනී.

මෙහි ඇති ෙ€දවාචකය මෙය නොවේ. මෙම භූතයාගේ පවතින සේවා පහසුව නිසා ගොවීන් මෙම යන්ත්‍රයට රුචියක්‌ දැක්‌වීම හේතුවෙන් මෙම යන්ත්‍ර මිලදීගෙන ඉක්‌මණින් මුදල් හරි හම්බ කරගැනීමට සමහර අය උනන්දු වූහ. රුපියල් තුන්හාර ලක්‍ෂයක්‌ කුඹුරුපිටිය උකස්‌ කර හෝ ලබාගත් සමහර අය මෙම යන්ත්‍ර මුදල් සමාගම් හරහා මිලට ගත්හ. රජරට හැම ගමකම පාහේ භූතයන් හතර පස්‌දෙනකු විය.

මෙම යන්ත්‍රයක අවම මිල රුපියල් විසිලක්‍ෂයකි. රුපියල් ලක්‍ෂ තුනහතරක්‌ ගෙවා ඉතිරිය මුදල් සමාගම් හරහා ලබාගෙන පොළියත් මාස හයකට වරක්‌ රුපියල් තුන් ලක්‍ෂයක වාරිකයත් භූතයාගත් අයට ගෙවන්නට සිදුවිය. මෙය ඉතාමත් අසීරු කාර්යයක්‌ බව ලක්‍ෂ තුනහතර ගෙවා භූතයා ලබාගත් අයට පෙනී යන්නට වැඩි කලක්‌ ගත නොවීය.

මාස හයකට වරක්‌ මේ යන්ත්‍ර වලට වැඩකරන්නට ලැඛෙන්නේ එක්‌ මසක කාලයක්‌. එනම් දින 30 ක්‌ පමණි. ඒ දින තිහ තුළ අස්‌වනු නෙලීමේ කටයුතු නිමවන හෙයිනි. සාමාන්‍යයෙන් ලාභයක්‌ ලැබීමට නම් මෙම යන්ත්‍රයකින් ගොයම් වැඩකිරීමේ අක්‌කරයට රුපියල් 15000 ක්‌ වත් ලැබිය යුතු වූවද, එක යායට යන්ත්‍ර කීපය බැගින් වැටීම නිසා, තරගකාරිත්වය තුළ අක්‌කරයට රුපියල් 10000 දක්‌වා මිල අඩුකොට මේවා වැඩකරයි. මෙසේ වැඩකිරීමෙන් වූවද ඔවුන්ට දිනකට රුපියල් විසි තිස්‌ දහසකට වඩා ඉපැයීමට නුපුළුවන.

භූතයාගේ යන්ත්‍රය ඇතුළත අංග හතක්‌ ක්‍රියාත්මක වන නිසා එක්‌ අංගයක හෝ දුබලතාවයක්‌ ඇතිවී යන්ත්‍රය ඇනහිටියොත් මුළු යන්ත්‍රයේම වැඩ නවතී. එවිට නැවත යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට දින ගණන් යන්ත්‍රය වෙල්යායේ රඳවා තබන්නට සිදුවේ. සමහරවිට කැඩී ඇත්තේ ඉතා සුළු කොටසක්‌ වූවද කාර්මිකයකු කැඳවාගෙන විත් එය අලුත්වැඩියා කරනවිට දින ගණනක්‌ ගතවේ. එසේ අපතේ යන්නේ ඉක්‌මණින් ගෙවීයන වැඩකරන කාලයයි.

මේ අන්දමට භූතයා වැඩපළේදී අක්‍රීය වූ විට ඒ සඳහා දින ගණන් ගතවූ විට වැඩ කාලය ඉක්‌මණින් ඉකුත්වී ප්‍රමාණවත් වැඩකොටසක්‌ කරගැනීමට ඉඩ නොලැබේ. මාස හයේ වාරිකය ගෙවිය යුත්තේ මේ මාසයේ ආදායමිනි. නමුත් යන්ත්‍රය අක්‍රීය වීම නිසා ඔවුන්ට වාරිකය ගෙවීමට මුදලක්‌ උපයා ගැනීමට බැරිවේ.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ යන්ත්‍රයේ උපාංග අධික මිල ගණන් වීමයි. සමහර උපාංග ලක්‍ෂයකට වඩා මිලවේ. යන්ත්‍රය කුඹුරේ පාවෙන රබර් රෝද දම්වැල් නිරන්තරයෙන් කැඩෙයි. මේවායේ එකක මිල රුපියල් එක්‌ලක්‍ෂ දහදාහකි. මෙවැනි රබර් රෝද දම් වැලි දෙකක්‌ යන්ත්‍රයකට පවතී. මෙවැනි උපාංග කැඩීගිය විට කන්නයේ උපයන මුදල් උපාංග හැදීමටත් මදිය. එතැන් පටන් භූතයා මිලදීගත් අයට භූතයා වැහෙයි.

කරකියාගත හැකි දෙයක්‌ නැතිව ගියවිට මුදල් සමාගම් මගින් භූතයා රැගෙන ගොස්‌ වෙන්දේසි කරයි. සමහර ආදායම් බදු ගෙවමින් සිටි අය පවා භූතයාගෙන් වැඩියෙන් හරි හම්බකරන්නට ගොස්‌ අද දැඩි ආර්ථික අහේනියකට පත්ව සිටිති.

මෙරට ආනයනය කෙරෙන සෑම ගොවිපල යාන්ත්‍රික උපකරණයක්‌ම මහඉලුප්පල්ලම පිහිටුවා ඇති රජයේ ගොවිපල යාන්ත්‍රික මධ්‍යස්‌ථානයෙන් පරීක්‍ෂා කරවා නිර්දේශිත සහතිකයක්‌ ලබාගැනීමෙන් පසුව පමණක්‌ මේ යන්ත්‍ර ගෙන්විය යුතු යයි රජයේ නිවැරදි ප්‍රබල නීතියක්‌ පැවතිණි. දැන් ඒ නීතිය මකුලු දැලක්‌ සේ කැඩී ගොස්‌ ඇත. හිතුන හිතුන අය කෘෂි යන්ත්‍රෝපකරණ ආනයනය කොට කුඹුරුවලට ආයෝජනය කරති.

මේ අබල - දුබලතා වලක්‌වාගැනීම සඳහා මෙරටට ආනයනය කරනු ලබන හැම කෘෂිකාර්මික යන්ත්‍රයක්‌ම මහඉලුප්පල්ලම ගොවිපළ යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්‌ථානයෙන් නිර්දේශිත සහතිකයක්‌ ලබාගෙන පමණක්‌ ආනයනය කළ යුතුබවට පැවති නීතිය යළි අකුරටම ක්‍රියාත්මක කරවීම වහාම කළ යුතුව තිබේ.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment