ගම්පහ, උඩුගම්පොල, අස්‌ගිරිවල්පොල මල්වත්ත පාරේ පිහිටි වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ 18 හැවිරි පාසල් සිසුවෙකු පෙරේදා (08දා) රාත්‍රි ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙම සිද්ධියත් සමඟ මුළු අස්‌ගිරිවල්පොල ප්‍රදේශයම ඉමහත් කම්පාවට පත්ව ඇත. වුලපිටිය ඥනෝදය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ කලා අංශයේ ඉගෙනුම ලබන කේ. නිපුන් අනුරංග ජයතිලක සිසුවා මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබේ.
මියගිය සිසුවාගේ නිවස ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක ඔහුගේ මව විසින් වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර පෙරේදා රාත්‍රි 8.30 ට නිවස තුළ නිපුන් අනුරංග රාත්‍රි ආහාර ගනිමින් සිටින අවස්‌ථාවේ තම මව විලාප තබන හඬ ඇසී ඔහු වෙළෙඳසල වෙත ගොස් තිබේ. හිසෙන් ලේ ගලමින් සිටි තම මව දුටු පුත්‍රයා ඇය ළඟට යද්දී ඇය තම පුතා බදාගෙන පවසා ඇත්තේ වෙළෙඳසලෙන් එළියට යන්න එපා කියාය. එහෙත් ඔහු මවගේ ඉල්ලීම නොතකා මවට පහරදුන් අය සොයා වෙළෙඳසලෙන් පිටතට පැමිණි විට කොල්ලකරුවකු විසින් ඔහුට වෙඩි තබා තිබේ.
ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් ඊයේ (09දා) දහවල් සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කළේය. එහිදී අනාවරණය වූයේ බෝර 12 වර්ගයේ තුවක්‌කුවකට යොදන පතරොමක් යොදා කුඩා ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවය. මියගිය සිසුවාගේ අතට බුලට් 05 ක් වැදී ඇති අතර පපුවට බුලට් 03 ක් ඇතුළු වී ඇති බවත් හෙළිවිය. එක් බුලට් එකක් වෙඩි තැබීම සිදුවූ වෙළෙඳසල ඉ රිපිට බිම වැටී තිබිණි.
සිසුවාට වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථයෙන් පලාගිය සැකකරුවන් ගම්පහ පොලිස් වසමේ ජෙඩිපොල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුටද පිහියෙන් ඇන එම ව්‍යාපාරිකයා පැළඳ සිටි රන් මාලය සහ සුරය කොල්ලකා ඇති බවට අනාවරණය වී ඇති බවත් එකී සිද්ධියෙන් අනතුරුව ගම්පහ නගරය දෙසට පලාගිය එම වාහනය සී. සී. ටී. වී කැමරාවක සටහන් වී ඇති නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති බවත් ගම්පහ පොලිස් ස්‌ථානයේ පො.ප. රාජකරුණා මහතා මහෙස්‌ත්‍රාත්වරයාට පැවැසීය.
වෙඩි තැබීම සම්බන්ධව යම් තොරතුරක් දන්නේ දැයි මහෙස්‌ත්‍රාත්වරයා එම ස්‌ථානයේ සිටි පිරිසගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ මියගිය සිසුවාගේ ඥතීන් වන සයිමන් පෙරේරා මහතා සහ එම්. අනෝමා මහත්මිය ඉදිරිපත් වූහ.
සයිමන් පෙරේරා මහතා පවසා සිටියේ මියගිය පුතා රාත්‍රි ආහාර ගනිමින් තම නිවසේ සිටින අතර වතුර එකක් බීමට ගිය අවස්‌ථාවේ කිසියම් අයෙකු කෑගසන ශබ්දයක් ඇසුණු බවයි. වසර තුනකට පමණ පෙර නිවස අසල ඇති වෙළෙඳසලේ ඉලෙක්‌ට්‍රොනික් තරා ය කොල්ලකෑම නිසා එ න සිට තමා රාත්‍රි 8.15 වන විට එම වෙළෙඳසල අසලට යන බවත් පෙරේදා එම වේලාවට යැමට නොහැකි වූ බවත් ඔහු කීය.
කෙසේ වූවත් කෑගසන ශබ්දය ඇසුණු නිසා නිවසේ සිට වෙළෙඳසල දෙසට එන විට වෙළෙඳසල ඉ රිපිට මියගිය පුතා සිටිනවා දුටු බවත් එවිට තවත් පිරිසක් වෙළෙඳසල ඉ රිපිට සිට පුතාට වෙඩි තැබූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
සාක්‍ෂි දීම සඳහා මාර්තු 19 න ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ඔවුනට නියම විය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී. කොමසාරු මහතාගේ අධීක්‍ෂණය මත ගම්පහ පොලිස් ස්‌ථානයේ පො.ප. රාජකරුණා, පො.සැ. යසරත්න (23594), විඡේසූරිය (723) යන නිලධාරීහු එම මිනීමැරුම සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment