නාකි අපිට රනිල්ට ආතල් දෙන්න බෑ - එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම

01. මේ වෙලාවේ දැනෙන හොඳම ආතල් එක මොකක්ද?

මම දැන් දේශපාලනමය වශයෙන් ලොකු කැප කිරීමක් කරපු පුද්ගලයෙක්නේ. ඒත් අද වෙද්දි මාව පක්ෂයෙන් නෙරපලා, පක්ෂ සාමාජිකත්වය, සංවිධායකකම අහෝසි කරලා. අපේ දිස්ත්‍රික්කයේ අපේක්ෂයන් සියලුම දෙනාට ලියුමක් යවලා තියෙනවා මාව එයාලගේ කිසිම මැතිවරණ කටයුත්තකට සම්බන්ධ කර ගන්න එපා කියලා. එහෙම සම්බන්ධ කර ගත්තොත් එයාලවත් පක්ෂයෙන් නෙරපනවාලු. ඉතින් මට තියෙන හොඳම ආතල් එක තමයි මට නිදහසේ ඉන්න ඉඩක් හදලා දීලා තියෙනවා. ඒ වගකීමෙන් නිදහස් නොවී, ඒක කරන්න තියෙද්දි පක්ෂයේ අයම කරන්න එපා කරවලා තියෙනවා. ජීවිතේ මේ වගේ ආතල් එකක් කවදාවත් ලැබිලා නැහැ.

02. එතකොට පාලිත තෙවරප්පෙරුම කියන්නේ කලබලකාරී අනෙක් අයගේ ආතල් කඩන චරිතයක්ද?
මේ රටේ කොයි තරම් අසාධාරණකම් වෙනවද? සදාචාර විරෝධී අවිනීතකම් කොයිතරම් වෙනවද? එහෙම කරන උන් මේ රටේ ඉද්දි අපිට ඇහැ කන පියන් ඉන්න පුළුවන්ද? අධිකරණයට ගිහින් අවුරුදු ගාණකින් කරගන්න බැරි වැඩ කොළඹ ඉඳන් එක ජචතත එකෙන් කරනවා. රටේ නීතියක් තියෙනවා නම් එහෙම වෙනවද? මගේ ගණන්කාරකමක් නැහැ. නමුත් අසාධාරණකම් වෙද්දි මට බලන් ඉන්න බැහැ. එහෙම කරන උන් දැක්කම ඉතින් මට කොන්ද කඩන්න හිතෙනවා. මොකද මට කොන්දක් තියෙන නිසා. දැක්ක හැටියේ කොන්ද කඩලා දානවා. ඒකේ දෙකක් නැහැ. හැබැයි හොඳ දේට. ඒක හදවතින්ම වෙන්නේ. ඒක නොවෙන නිසා තමයි නඟෝ රටේ මේ තරම් අපරාධ, අවනීති වෙන්නේ. ගහන්න නෙවේ මරන්න ඕන වුණොත් ඒකත් කරලම දානවා. ආයේ දෙකක් නැහැ.
අරගෙන ගෙයක් ගෙයක් ගාණේ ගියේ. ඉකිලි ගෙවෙනකොට බේබි ක්‍රීම් ගාගෙන ඇවිද්දේ. මේ මම කරපු දේවල් මිනිස්සු දන්නවා. එහෙම කරපු මාව එක එකාගේ සල්ලි නිසා පක්ෂයෙන් එළවලා දැම්මා. මේ මගේ කැපකිරීම බල්ලට දාපු, මගේ මහන්සිය හෑල්ලු කරලා එක එකාගේ පොලී සල්ලිවලට ආවඩපු කාලකණ්ණි පක්ෂයක් මේක. මෙහෙම කොහොමද මැතිවරණ කරන්නේ. හොරකම් කරලා අවුරුද්දක් විතර හිරේ හිටපු එකාට සංවිධායකකමත් එක්ක ව්ධථඪදචබඪධද දුන්නා.
යකෝ ඉතින් කොහොමද අපි ආණ්ඩුවේ ඉන්න හොරු ගැන කතා කරන්නේ. අපේම එක අස්සේ හොරු දාගෙන. ගෑනු ළමයි අමාරුවේ දාපු උන්ට, ගෙවල්වල උළු ගලවපු උන්ට, බඩදරු අම්මලාව පාරට දාපු උන්ට, රණවිරුවන්ගේ කකුල් ගලවන් ගිය උන්ට අපේ පක්ෂයෙන් ව්ධථඪදචබඪධද දුන්නා. මේකද මේ සදාචාරය කියන්නේ. පක්ෂයේ උන්ගේ ඔළුව හොඳ නෑ. එහෙම කොහොමද මැතිවරණ දිනන්නේ.

03. දැන් අවුරුදු ගාණක ඉඳන්ම විපක්ෂයේ. මේ ඉඳිල්ල ඇතිවෙලා නැද්ද? ආතල් කැඩෙන්නේ නැද්ද?

මේක මහා පාපකර්මයක් හොඳේ. ඇත්තටම කරුමයක්. ඇතිවෙලා නෙවෙයි. දිනන්න පුළුවන් පරිසරයක් මේ රටේ තියෙද්දි අපේ පක්ෂයේ ඉන්න මේ නපුංසකයෝ ටිකට මේක ජයග්‍රහණය කරන්න වුවමනාවක් නෑ. කවුද ඒකෙන් අන්තිමේ දුක් විඳින්නේ... මේ රටේ අහිංසක මිනිස්සු. ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න විදියක් නෑ. රස්සාවකට දාගන්න බෑ. තමන්ගේ මිනිය සොහොනේ වළලගන්න බෑ. විපක්ෂයේ කියලා තහනම් නියෝග දානවා. ඉතින් මේක මහා විශාල කරුමයක්. ආතල් එකක් නෙවෙයි. මේවට වගකියන්න ඕනා පක්ෂ නායකයෝ. නපුංසකයෝ ටික පිරිමිකමක් නැති වුන් තමා පක්ෂයට මේ අසාධාරණය කරන්නේ. අපේ කාලකණ්ණි ටික කිසිම ඛ්ඩචදජඥ එකක් ගන්නෙ නෑ. මේ රටේ නීතිය, සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය මේ හැම දේම විනාශයි. මේ හැමදේම ප්‍රයෝජනයට අරන් අපිට දිනන්න පුළුවන්. මහින්ද සමරසිංහ කොළපාට කොඩිය බිම දාලා පාගලා ආණ්ඩුවට ගිය වෙලාවේ මම තමයි සරම් කෑල්ලක් ගහගෙන ඒ කොළ කොඩිය අතට ගත්තේ.

04. ඒ කියන්නේ ඔය කියන විදියට පක්ෂයේ සංවිධායකකම ගන්න, කෘත්‍යාධිකාරි මණ්ඩලයට යන්න නායකයාට ආතල් දෙන්න ඕනා... එහෙම නොවුණොත් වෙන්නේ ඔබට වුණු දේද මන්ත්‍රිතුමා?
නායකයාට ආතල් දෙන්න නම් ඉතින් හොඳ කොල්ලෝ ටිකක් දාන්න ඕන. අපි එහෙම බාල වැඩ කරන්නෙ නෑ නංගි. ඒවට ඉන්නවා ගාල්ලේ වජිර, අකිල ඉන්නවා. අපි ඒ වගේ ආතල් දෙන්නේ නෑ. කුඹුරුවල වැඩ කරන, අත්වල මඩ ගෑවුණු, නාකි අපිට රනිල්ට ආතල් දෙන්න බෑනේ. සම්මේලනයේදී මම කිව්වා කොන්දේසි විරහිතව පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා පළාත් සභාවට ඉල්ලන්නම් කියලා. කවුද එහෙම කරන්නේ. මට මහ ඇමැතිකමත් ඕනෑ නෑ. මම එහෙම කිව්වම රංජන් කිව්වා ගම්පහින් ඉල්ලනවා. රෝසි කිව්වා බස්නාහිරින් ඉල්ලනවා කියලා. එතකොට පක්ෂය මේක අභිමානයෙන් භාර ගන්න ඕනෑනේ. ගම්පහින් රුවන්ට කෙළවෙන නිසා රංජන්ට දුන්නේ නෑ. රවිට ප්‍රශ්නයක් වෙන නිසා රෝසිට දුන්නේ නැහැ. කළුතරින් අර අජිත් පෙරේරාට කෙළවෙන නිසා මට දුන්නේ නැහැ. නායකයා අපිට දෙන ආතල් තමා ඒවා. නායකයා ආතල් ගන්නවා පක්ෂයට කෙළවෙනවා. පොලීකාරයෝ, හොරු මොන මොනා හරි ඉතින් ආතල් දෙනවා ඇති.

05. එතකොට පසුගිය කාලේ කට්ටිය පක්ෂය දාලා ගියේ මේ ආතල් නැතිවීමේ ප්‍රශ්නය නිසාද?

පක්ෂය ඇතුළෙ ආතල් වැඩි නිසයි කට්ටිය යන්නේ දන්නවාද? මේ නායකයා ගන්න ආතල් එක, එතකොට කරු ජයසූරියලා 17, 18ක් අරන් ගිහින් ගත්තු ආතල් එක, ගාල්ලේ වජිරලා පක්ෂයට දෙන ආතල් එක පක්ෂයට දරා ගන්න බැහැ. ඒ නිසා තමයි මිනිස්සු එළියට යන්නේ. ඒ ආතල් එක නතරකර ගන්න බැරි නිසා තමයි නායකත්ව මණ්ඩලයක් දාගත්තේ. ඒකේ සභාපති කවුද? කරු ජයසූරිය. ඒක තමයි පාවලා දීලා, පක්ෂය විනාශ කරපු එකා. කබීර් හෂීම් ඇර අනෙක් සේරම උන් ආණ්ඩුවෙන් ආපු උන්. ලොක්ක තනියම ආතල් ගන්න බැරිව තමා ඕක දාගත්තේ. අතීසාරයට අමුඩ ගහපුවාම මොකද වෙන්නේ. යටින් බේරෙනවා. ඒක තමයි එ. ජා. ප.යට වෙලා තියෙන්නේ.
අද ඔය නායකත්ව මණ්ඩලේ ආතල් එකත් හරියට ඔය වගේ තමයි. මේවා බලන් කට්ටිය ඉඳියිද. කළුතර තුනක් ගියා. බණ්ඩාරගම අපේ අරුණ දීපාල් ගියා. ඔයා ලියාගන්න නංගි අද අරුණ දීපාල් තමයි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂයෙන් පළමුවැනියාට එන්නේ. අජිත් පී. පෙරේරලා නායකයාට දෙන ආතල් තමයි මේ. ඒ දෙන ආතල් වැඩි නිසා තමයි අපි අද එළියේ ඉන්නේ. ඇත්තටම මේක මාර ආතල් පක්ෂයක්.

06. ඒ කියන්නේ ඔය කියන හොරු, දූෂකයන්ට ව්ධථඪදචබඪධද දෙන්නේ පක්ෂයට ආතල් ගන්න ඕන නිසායි.

එයාල තාම පක්ෂයට ආතල් දුන්නේ නෑ. පක්ෂය බලාපොරොත්තු වෙනවා උන්ගෙන් ආතල් ගන්න. පක්ෂයට වෙන්නේ අර එළුවා පස්සේ ගිය නරියට වෙන එක. දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා බලන් හිටියාට කවදාවත් වැටෙන්නේ නැහැ. රනිල්ටයි, අජිත්ටයි, කරුටයි වෙන්නේ නරියට වුණු දේ තමයි.

07. පක්ෂය දිගින් දිගටම මේ විදියට මන්ත්‍රිතුමාගේ ආතල් කැඩුවොත් හිතෙයිද සමහරුන්ට වගේ පිල් මාරු කරන්න?
පිස්සුද , පිස්සු කතා කරනවද, අපිට බෑනේ ආණ්ඩුවට ගිහින් මේ රටේ නීතිය විනාශ කරන උන් එක්ක එකට ආතල් ගන්න. අධ්‍යාපනය රටේ දූෂිතම ආයතනය වෙනවා බල බලා අපිට ආතල් ගන්න පුළුවන්ද? බෑ, මේ රටේ ගොවියා ගැන කතා කරන ආණ්ඩුව ගොවියාගේ විශ්‍රාම වැටුප කැපුවා. මටත් තියෙනවා පොල් ගස් පන්සීයක් හයසීයක් දාගන්න. පෝර නැතිව ඉන්නේ. මේවා බල බල පුළුවන්ද අපිට ආතල් ගන්න. රුපියල් 750ක් සපත්තු දෙක ගන්න බැරිව පාසල් දරුවෝ එල්ලිලා මැරෙද්දි, රටේ නායකයගේ පුතා ලක්ෂ ගණන් වටින සපත්තු දාද්දි අපිට පුළුවන්ද උන් එක්ක එකට ආතල් ගන්න. අපිට රෙද්දක් ඇඳගෙන ආණ්ඩුවට ගිහින් එන එක එකාගේ කුණු සෝදන්න. රෙදි හෝදන්න යන්න පුළුවන්ද? මම ජීවිතේටම ඒ වගේ තුප්පහි වැඩ කරන්නේ නෑ. එහෙම බලද්දි රනිල් දෙන ආතල් එක කකා ඉන්න එක ඊට වඩා හොඳයි. ඇත්තටම රනිල්ගේ නපුංසක ආතල් එක හොඳයි ඊට වඩා.

08. දෙවතාවක් පක්ෂයෙන් ඔබට විනය පරීක්ෂණ තිබ්බා මෙහෙම වුණාම ආතල් කුඩු වෙන්නේ නැද්ද?
ආතල් එක දෙනවා මම මේ පාර, මම කලින් රනිල්ගෙන් ප්‍රශ්න අහන්න පාර්ලිමේන්තුවට පිහියක් අරන් ගියේ. මේ වතාවේ හොඳ මන්නයක් අරගෙන යන්නේ. මන්නෙන් තමයි මේ පාර විනය පරීක්ෂණ තියෙන උන්ට මම ආතල් දෙන්නේ. හොඳ මාළු මන්නයක් අරන් යන්නේ. එතකොට තේරෙයි කොහොමද ආතල් එක කියලා.

09. 'චණ්ඩි අයියා' කියලා ගමේ අය ආමන්ත්‍රණය කරන්නේ ඔබ චණ්ඩියෙක් නිසාද?

අපේ පවුලේ ගෑනු ළමයි හතරයි, පිරිමි හතරයි. මම තමයි කොල්ලන්ගෙන් බාලයා. මට උඩින් හිටපු අයියා මාත් එක්ක තිබ්බම මට මල්ලී වගේ. අයියා අම්මගෙන් කිරි බොද්දි මම අයියට පාට් එක දාලා අයියගේ කිරි ටිකක් බොනවලු. අයිය කෙඳිරි ගගා ඉද්දි තාත්තා තමයි අයියට හීන් මහත්තයා කියලත් මට චණ්ඩි මහත්තයා කියලත් නම දැම්මේ. ඕක තමයි ඉතින් ඉස්කෝලෙටත් ආවේ. ඊට පස්සේ ගමෙන්, ටවුමට, ටවුමෙන් රටටම ආවේ එහෙමයි ඒ නම. මමත් හරිම කැමැතියි ඒ නමට.

10. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඔබ අරගලකාරියි?
ඔව්. මට ලැබෙන්නෙ නැත්නම් මම බලෙන් හරි ගන්නවා. පොඩි කාලෙනම් එහෙම කළේ මං වෙනුවෙන්. හැබැයි දැන් එහෙම කරන්නේ අනුන් වෙනුවෙන්.

11. එ. ජා. ප.ය තුළ ඔබ දකින ආතල්ම දේශපාලන චරිතය කවුද?
ආතල්ම චරිතය තමයි අපේ ජෝන් අමරතුංග මහත්තයා. හරි ෂෝක් බලන්න. හොඳට කනවා බොනවා පන්සිල් පද පහම කඩනවා.

12. පොදුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ගත්තොත් කවුද ආතල්ම දේශපාලනඥයා?
මර්වින් සිල්වා ඇමැතිතුමා තමයි එහෙම ගත්තොත් රටේ මිනිසුන්ගේ අයිතීන් නැති කරලා, රජයේ සේවකයෝ ගස් බැඳලා මොන තරම් ආතල් ගන්නවද? ඒ අස්සේ ජනාධිපතිතුමාගේ කකුල් මසාජ් කරනවා. හොඳ ආතල් ගන්න කෙනෙක් තමයි ඒ මනුස්සයා.

13. එ. ජා. ප.යට මේ දිනවල නිළි තරුවක් පායලා. මේක ආතල්ද?

ඕක තමයි කරුමය අප්පා. යකෝ නිළියෝ නළුවෝ කියන්නේ මේ රටේ ජනතාවගේ හදවත්වල ජීවත් වෙන උන්ද? පොළොවේ පය ගහපු උන්ද? මුන්ට සෙරෙප්පු දෙකක් නොදා අඩි 10ක් පයින් ඇවිදින්න පුළුවන්ද? ර්චඬඥ - භන සේරම දියවෙලා වැක්කෙරෙනවා. අඩියක් දෙකක් ඇවිදලා නතර වෙලා ආයේ ර්චඬඥ - භන දානවා. හැබැයි මිනිස්සුන්ගේ හදවත්වල ජීවත් වුණු නළුවොත් දේශපාලනය කළා. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, දැන් උන් කොහෙද ඒ අයට සමාන වෙන්නේ. දැක්කනේ පබා අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කියන්න ගිහින් නාගත්තා. මේ නිසා මිනිස්සු රූපකාය තිබ්බට උන්ට දේශපාලනේ කරන්න පුළුවන්ද? එක එකාගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න තමයි ඔය නිළියන්ව පක්ෂවලට දාගන්නේ. සල්ලි ටිකක් වියදම් කරලා ගේන්නේ තමන්ගේ වැඩේ කරගන්න මිසක් රටේ යහපතට නෙවෙයි. නදීෂාව, ඔය කෙල්ලව ගෙනාවෙත් අපේ පක්ෂයේ ඉන්න හොඳ කඩවසම් තරුණ සල්ලිකාරයෙක්ම තමයි. මං ඒත් ඒ පුද්ගලයාට කිව්වා එහෙම වුවමනාවක් තියෙනවා නම් මාසයක් දෙකක් වෙන රටකට ගිහින් එහේ ගෑනියෙක් එක්ක බුදියලා වරෙන් කියලත්. නැහැ අයියේ අපිට ඡන්ද ටිකක් ගන්න ඕනෑ කිව්වා... ඕකුන්ට කරන්න ගිහින් තමා අපේ පක්ෂයට කෙළවිලා තියෙන්නේ. අද ඕකුන් අපේ පක්ෂයේ හෙට ජනාධිපතිතුමා ගාව. පක්ෂයට හෙණ ගැහිලා තියෙන්නේ ඕකනේ. ඒ වයේ ප්‍රතිඵල විඳින්නේ රනිල්ලා නෙවෙයි අහිංසක පාක්ෂිකයෝ.

14. ඇත්තද මේ බිරිය එක්ක අමනාප වුණාට ගෙදරින් ගිහින් පොල් වත්තක තියෙන ගෙදරකට වෙලා තනියම ආතල් ගන්නවා කියන්නේ?

කවදාවත් ගෙයින් එළියට ගියේ නෑ හරිද? නංගියේ මෙහෙමනේ මම උදේ පාන්දර තුනට ගෙදරින් ගියාම ආයෙ ගෙදර එන්නේ මහ පාන්දර. මළ ගෙවල්වල යන්න වෙනවා. පක්ෂයේ වැඩවලට දුවනවා. ඒ ගියාම දාගන්නෙම ඔළුවට අනුන්ගේ ප්‍රශ්න. නඩු දාගෙන, ප්‍රශ්න දාගෙන, මළ ගෙවල්වලට ගිහින්, ප්‍රශ්න විසඳලා, ඉස්කෝලවලට ගිහින්, රැස්වීම්වල කෑ ගහලා මැරිලා මැරිලා පාන්දර ගෙදර එනවා. ඒ ආවම ගෙදර ගෑනි මූණ පුම්බනවානම්, වතුර ටිකක්වත් බොන්න දෙන්නේ නැත්නම්, උදේට නැඟිට්ටම මූණ පිහිදගන්න තුවාය දෙන්නේ නැත්නම්, ර්ථීඩධදඥ එක චාර්ජ් කරලා දෙන්නේ නැත්නම්, උදේට අඳින ඉඩඪපබ එක මැදලා ඒකේ ගැලවුණු බොත්තම මහලා දෙන්නේ නැත්නම් මල පනිනවානේ අප්පා. උදේට රැස්වීමකට යන්න ඔළුව නිදහසේ තියෙන්න ඕනෑ. එහෙම නැති වුණාම ගෑනිව මරන් කන්න හිතන්නේ නැද්ද? ඉතින් නංගි දෙයියම්පල්ලා; මම මේ විහිළු කරනවා නෙවෙයි. මම දැන් ඉන්නේ ගෙදර නෙවේ. පොල් වත්තක තියෙන, පුංචි ගේක. මං ඉතින් පොල් මල පීදෙන හැටි, පොල් ගෙඩි පැහෙන හැටි, කෙහෙල් කැන පීදෙන හැටි බල බලා මගේ වැඩ ටික තනියම කරගෙන පාඩුවේ, නිදහසේ ජීවත් වෙනවා.
හැබැයි මම මගේ බිරියට දරුවන්ට සේරම යුතුකම්
ඉෂ්ට කරනවා. ලෙඩට - දුකට බලනවා. කන්න - බොන්න දෙනවා. ඇඳුම් - පැලඳුම් අරන් දෙනවා. හැබැයි ගෑනිට ආදරේ නැත්තෙත් නැහැ. ගෑනි එක්ක තරහකුත් නැහැ. එයාලගේ යහපත වෙනුවෙන්ම තමයි මම අද තනියම ඉන්නේ. එයාලට ආදරේ නිසයි. මොකද මටත් ඔළුවට නිදහසක් සැහැල්ලුවක් ඕනෑනේ. නැත්නම් දෙවියනේ අන්තෝ ජටා බහි ජටා. මම මැරෙයි. අර කිව්වා වගේ පිස්සුම හැදෙයි.

15. පෞද්ගලික ජීවිතයේ සියලුම ආතල් කඩාගෙන නේද එතකොට මේ දේශපාලනය කරන්නේ?
මම මේ බුද්ධාගම අදහන මිනිහෙක්. මට පුළුවන්ද මේ රටේ දරුවෝ කන්න නැතිව ඉද්දි කන්න. දරුවො බඩගින්නට කරවිල කද්දි මට පුළුවන්ද මගේ දරුවන්ව ජිම් එකට යවන්න. ගෙදර ආතල් එකට, පෞද්ගලික ආතල් එකට වඩා මට මේ රට වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා.

16. පෞද්ගලික ජීවිතයේ එතකොට ආතල් ගන්නෙම නැද්ද?

මගේ ආතල් එක තමයි දැන් මම විඳින්නේ. ඒ ආතල් එක. මම ඉතින් ගමේ ජීවත් වෙන මිනිහනේ. දේශපාලනේ කළා නොකළා කියලා නෑ මට මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න වෙනවා. මම මේකට පැරිෂුට් එකෙන් බැහැල ආවේ නෑ. එහෙම නම් මටත් හොඳ ආතල් ගන්න තිබ්බා. දරුවෝ දැන් මට මගේ වාහනේ යන ගමන් කොහෙ හරි දිය ඇල්ලක්, වතුර වළක් දැක්කොත් මම වාහනේ නතර කරලා ඇඳුම් ගලවලා උපන් ඇඳුමින්ම අර වතුර වළට පැනලා නානවා. නාලා ගොඩ ඇවිත් තෙත පිටින්ම ඇඳුම දාගෙන ආපහු යනවා. ඒ යන ගමන් බඩගිනි ආවොත් ගිය කාගෙ හරි ගෙදරක කුස්සියට ගිහින් බෙදා ගත්තා අහන්නෙත් නැතිව නෑඹිලියටම බත් ටිකක් කෑවා. ගෙදර ආවා. ඕවා තමයි මගේ ආතල් ඉතින්. වෙන අලුත් ආතල් මට ගන්න ඕකත් නෑ මම ඒවාට ආසත් නෑ හලෝ.

17. මිනිස්සුන්ට මොනාද කියන්න තියෙන්නේ?
මැතිවරණයක් තියෙනවා. මේක පෙරහුරුවක්. මෙතැනදි මිනිස්සුන්ට කියන්නේ හැම පක්ෂයකම මිනිස්සු අපේක්ෂකයා නිවැරැදිව හඳුනා ගන්න ඕනා. තමන්ගේ මනාපය, විශ්වාසය මුදලට විකුණන්නේ නැති අපේක්ෂකයාව හඳුනාගන්න ඕනෑ. යහපත් මිනිස්සුන්ට පමණක් ඡන්දය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉල්ලන උන්ගේ ඉතිහාසයම මිනිස්සු දන්නවානේ. මම කියන්නේ ඡන්දය ඉල්ලන උන්ගේ පිට ඔපේටයි, යට ජංගියටයි, බේ‍රසියර් එකටයි රැවටිලා ඡන්දය දීලා රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ නම් කියන්න එපා කියලයි. බුද්ධිමත් විදියට හිතලා ළඟ බලන්නේ නැතිව දුර බලලා ඡන්දය දෙන්න කියලයි මං කියන්නේ. පොදුවේ හැමෝටම කියන්නේ.

අරුණි මල්ලවාරච්චි
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment