කුරුණැගල සිසුවිය මැරවූ FaceBook පින්තූරය හැදු අය සොයා මෙහෙයුම්

ෆෙස්බුක් සමාජ ජාලයේ පල වූ පින්තූරයක් හේතු කර ගෙන සිය දිවි නසා ගත් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහුලේ වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ සිද්ධියට මුල් වූ ඡයාරූපය නිර්මාණය කර එය ෆේස් බුක් පිටුවට එක් කිරීම සිදු කළේ කවුදැයි හෙළි කර ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
සිසුවියගේ ඡයාරූපය සකස් කළේ කවුද එය ෆේස් බුක් පිටුවට මුදා හැරියේ කවුද යන්න මෙමගින් අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම සිද්ධිය මුල්කරගෙන පාසලේදී සිසුවියට ඇති වූ බව කියන අපහසුතාවන් සම්බන්ධයෙන් පාසලේ 15 දෙනෙකුගෙන් පමණ ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.






Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment