කොළඹ "ඒසී" සූදු පළවල් පහක්‌ වටලා 94 ක්‌ අත්අඩංගුවට

කොළඹ ලඒසීල සූදු පළවල් පහක්‌ වටලා 94 ක්‌ අත්අඩංගුවට
ඇතුළට යන්න 3000 ක්‌ ගෙවන්න ඕනෑ
පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කියයි



කොළඹ නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය සූදු පළවල් පහක්‌ වටලා එහි කළමනාකරුවන්, සේවකයන් ඇතුළු සූදු සෙල්ලමේ යෙදී සිටි සැකකාරියක ඇතුළු සැකකරුවන් 94 දෙනකු පොලිසිය විසින් පෙරේදා (8දා) අත්අඩංගුවට ගෙන සිටිති.

කොළඹ පොලිස්‌ මූලස්‌ථානයේදී ඊයේ (9දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා මේ බව පැවැසීය.

කොළඹ, පිටකොටුව, මල්වත්ත හා ඕල්කොට්‌ මාවත ප්‍රදේශයේ මෙම සූදු පළවල් අනවසරයෙන් පවත්වාගෙන ගොස්‌ තිබූ බවත් පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී ගොස්‌ එක්‌වර මෙම වැටලීම සිදුකර ඇති බවත් හෙතෙම පැවැසීය.

මෙම සූදු පළකට ඇතුල්වන්න රුපියල් 3000 ක මුදලක්‌ ගෙවිය යුතු බවත්, මේවා වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී ස්‌ථාන බවත් පැවැසූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා මෙහි එක්‌ සැකකාරියක්‌ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.

මෙම සූදු පළවල් පවත්වාගෙන ගිය ස්‌ථානවලින් රුපියල් තුන් ලක්‍ෂයක පමණ මුදලක්‌ තවත් භාණ්‌ඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් කොළඹ නගරයේ අනවසර සූදු පළවල් වැටලීම අඛණ්‌ඩව සිදුකෙරෙන බවත් පැවැසීය.

පුරහල ප්‍රදේශයේ සූදු පළක්‌ පවත්වාගෙන ගිය තැනැත්තියට විරුද්ධව නඩු පවරා ඇති බවත් එම ස්‌ථානය පිළිබඳව පොලිසිය නිරන්තර අවධානයෙන් පසුවන බවත් පැවැසූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා එපමණක්‌ නොව තවත් තොරතුරු ලබාගෙන වැටලීම් කර සූදු පළවලට සහභාගිවන ඒවා කළමනාකරණය කරන අයට පමණක්‌ නොව ගොඩනැඟිලි, ඉඩම් ලබාදෙන හා ඊට අනුබලදෙන අයටත් නඩු පැවැරීමට ක්‍රියාකරන බවද හෙතෙම සඳහන් කළේය.

අනුර බාලසූරිය
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment