2012 වසරේදී ලන්ඩනයේ සංචාරයක නිරතවීමේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එල්ලවූ විරෝධතාව මෙහෙයවූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රමුඛ පෙළේ නායකයකුට විදේශගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉකුත් (7දා) නියෝගයක් නිකුත් කළේය.
පුෂ්පරාසා ජෙගන් නමැති මේ සැකකරු මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම මෙරටට පැමිණ ජාත්‍යන්තර කොටි ජාලයේ මුදල් කොටි හිතවාදීන්ට ඛෙදා හැර තිඛෙන බවට පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.
මෙරට උපත ලබා, දැනට එක්සත් රාජධානියේ උසස් ධුරයක් හොබවන අනුර පෙරේරා නමැති අය කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලක් මත එහි නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබිණි. පුෂ්පරාසා ජෙනන් නමැති සැකකරු දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ වෙමින් විවිධ නීති විරෝධී කටයුතු සඳහා ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් විදේශ ගතවන සහ විදේශයේ සිට පැමිණෙන බව සඳහන් කරමින් අදාළ පැමිණිල්ල අනුර පෙරේරා නමැති අය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබිණි.
පුෂ්පරාසා ජෙගන් නමැත්තා මෙරටට පැමිණ පිටකොටුවේ ඕල්කට් මාවතේ අංක 61 දරන ස්ථානයේ පිහිටි කෝපි කඩේ හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් නමැති ස්ථානයේ සුව පහසු කාමරයක නැවතී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කොටි ජාලයේ මුදල් ඛෙදා හරිමින්, ශ්‍රී ලංකා රජයට එරෙහි පාර්ශ්ව පෙළ ගස්වන බවත්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව යන රටවල ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකසා ඒවා පරිහරණය කිරීමෙන් බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මේ සැකකරු යාපනයේ පදිංචිකරුවකු බවත්, මොහු 1999 වසරේදී ඉන්දියාවට ගොස්, ඉන්දියාවෙන් මුස්ලිම් කතක් විවාහ කරගෙන, ඇයගේ උදවු උපකාර ඇතිව ඉන්දියානු ගමන් බලපත්‍රයක්ද ලබාගෙන ශ්‍රී ලංකාවේ හා තමිල්නාඩුවේ කොටි හිතවාදීන් සමඟ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවත්, 2010 වසර දක්වා එක්සත් රාජධානියේ ඉන්දියානු ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රමුඛ පෙළේ නායකයකු ලෙස ක්‍රියාකර තිඛෙන බවත්, එක්සත් රාජධානියේ පිහිටි දෙමළ තරුණ සංවිධානයෙහි සටන්කාමියකු බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
2010 ජනවාරියේ සැකකරු ඔහුගේ මව බැලීම සඳහා මෙරටට පැමිණ ඇති බවත් එවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ කොටි හිතවාදීන් එකමුතු කර සංවිධානය කර ඇති බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සිදු කරනු ලබන පරීක්‍ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.
ඉෂාර රත්නකාර
Home
කාලීන
දේශපාලන
ජනපතිට එරෙහිව ලන්ඩනයේ උද්ඝෝෂණ මෙහෙයවූ එල්.ටී.ටී.ඊ. නායකයකුට ලංකාවෙන් පිටවීම තහනම්
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment