එයට හේතුව වූයේ එම වීඩියෝවේ ජිහාඩ් ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් වෙඩි හුවමාරුවක නිරත වූ සොල්දාදුවා වයස අවුරුදු 4ක තරම් කුඩා දරුවකු වීමයි. අවුරුදු 4ක වයස් කාණ්ඩයක සිටි දරුවාට අධ්‍යාපනය හැදෑරීමට තරම් දියුණු මනසක් නොමැති වුවද ඔහු ඒ.කේ. - 47 ගිනි අවියකින් වෙඩි තබන ආකාරය එම වීඩියෝවේ සඳහන් වේ. ගිනි අවිය වාත්තු කර ගැනීමටද තරම් ශක්තිමත් සිරුරක් නොමැති මෙම සොල්දාදු පෝතකයා විසින් "අල්ලාහු අක්බාර්” නාමයෙන් පස් වතාවක් වෙඩි තබනු ලබන එම වීඩියෝව නරඹන කාගේත් නෙත්වලින් නිතැතින් කඳුළු බිඳුවක් රූරා වැටේ. සත්තකින්ම මෙම ර්‍ණජිහාඩ්” ළදරු සොල්දාදුවාගේ නාමය එම වීඩියෝ දර්ශනයෙහි සඳහන් නොවූවද ඔහු ලොව ළාබාලතම සොල්දාදුවා බවට කිසිදු සැකයක් නොමැත.
පසුගිය ජනවාරි මස අග භාගයෙහි එක් දිනෙක මෙම සොල්දාදු පෝතකයාගේ වෙඩි තැබීමේ වීඩියෝව යූ ටියුබ් හරහා අන්තර්ජාලයට නිකුත් කර තිබූයේ ඉස්ලාමීය අන්තවාදී ර්‍ණජිහාඩ්” සංවිධානයයි. ඔවුන් විසින් එම වීඩියෝව නම් කරනු ලැබ තිබූයේ ර්‍ණඉරාකයේත්, මධ්‍යධර” නැඟෙනහිර ප්‍රදේශයේත් ඉස්ලාමීය රාජ්‍යයේ පෝතකයකුගෙන් පණිවුඩයක්” යනුවෙනි.
ම්ලේච්ඡත්වයේ සා පිපාසාවෙන් පෙළෙන මෙවන් අන්ත සංවිධාන සිය පුහු අරමුණු ඉටුකර ගැනීම සඳහා අහිංසක මල් වැනි කුඩා දරුවන් ඉත්තන් බවට පත්කර ගැනීම අතිශය සෝචනීයය. එකී වීඩියෝව ර්‍ණජිහාඩ්” විරෝධී සංවිධානයක සාමාජිකයකු දැකීමෙන් අනතුරුව මුස්ලිම් අත්වාදීන් කෙරෙන් මතු වන ළමා අපචාරවලට එක් නිදසුනක් ලෙස එම වීඩියෝව නම් කිරීමත් සමඟම ජිහාඩ් සංවිධානය එය අන්තර්ජාලයෙන් ඉවත් කළේය.
එහෙත් ඒ වන විටත් එම වීඩියෝවේ පිටපත් ලොව පුරා ප්‍රචාරය වී තිබූ අතර ප්‍රංස ජනාධිපති හොලන්ඩේද, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ද ඒ කෙරෙහි තමන්ගේ අප්‍රසාදය පළ කළහ.
ජිහාඩ් අන්තවාදීන් අවුරුදු හතරක් වයසැති කුඩා සොල්දාදු පෝතකයකුගේ වීඩියෝව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමේ ප්‍රබල යටි අරමුණක් ඇති බවට බි්‍රතාන්‍ය විශ්ලේෂකයන්ද අනතුරු අඟවා තිබේ. එම දර්ශනය ලොව පුරා ප්‍රචාරය කොට ජිහාඩ් සංවිධානය කෙරෙහි ඔවුන් දරුවන්ගේ සිත් ඇදගැනීමට උත්සාහ දැරූ බවක් එම වීඩියෝවෙන් දිස්වෙන බවද විශේලේෂකයන්ගේ අදහසයි.
අවුරුදු 4ක් වයසැති කිසිවක් නොදත් එම නොදරුවා ර්‍ණඅල්ලාහු අක්බාර්” නාමය හඬනඟා කියමින් පස් වරක් වෙඩි තැබුවේ අන්තවාදී සංවිධානවල ඉගැන්වීම මත විනා ඔහුගේ අභිමතය පරිදි නොවේ. ඉගෙනීමේ උරුමය ලබන වයස් කාණ්ඩයට පවා පැමිණ නැති එම අහිංසක නොදරුවාගේ සුරතට දැරිය නොහැකි ගිනි අවියක් දුන් ජිහාඩ් මුස්ලිම් අන්තවාදී සංවිධානයේ කුරිරු බව, ම්ලේච්ඡ බව මේ වන විට සමස්ත ලෝකයම පසක් කරගෙන ඇත.
උපුටා ගැනීම https://www.facebook.com/CharaPurusha
වීඩියෝ පහතින්
0 comments:
Post a Comment