පොලිසියෙන් බේරෙන්නට පොලිස්‌ මූලස්‌ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක්‌ කළ විඡේරත්න

පසුගිය 21 වැනිදා කොළඹ පොලිස්‌ මූලස්‌ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක්‌ පැවැත්විණි. තම පියා ඇතුළු පවුලේ අයට නිදහසේ ජීවත්වීමට නොදීම නිසා අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර ප්‍රදේශයේ පදිංචි පවුලක්‌ මෙලෙස සත්‍යග්‍රහයක නිරත වූහ. ඔවුන් ඉල්ලා සිටියේ එකම දෙයකි. එනම් නිදහසේ තමන්ට ජීවත්වීමේ අයිතිය ලබාදෙන ලෙසය. ඔවුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය අහිමිකර ඇත්තේ වෙන කවුරුත් නොව රටේ නීතිය රැකීමට බැඳී සිටින පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනෙකි. මේ ඔවුන්ගේ විලිලඡ්ජා නැති කතාවය.

විඡේරත්න දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. තම බිරිඳ සමග පදිංචිව සිටින්නේ අනුරාධපුර ප්‍රදේශයේ ශ්‍රාවස්‌තිපුර ග්‍රාමයෙහිය. ඔහු රැකියාව වශයෙන් කළේ සත්ත්ව ආහාර ගොවි පළක්‌ පවත්වාගෙන යාමයි. වසර ගණනාවක සිට කිසිම අයකුට හානියක්‌ නොවන අයුරින් මෙම ගොවි පළ ඔහු පවත්වාගෙන ගියේය. එම ප්‍රදේශයේ තිබුණ ගොවි පළවල් අතරින් අංක එකේ ගොවි පළ වූයේද විඡේරත්නගේ ගොවි පළය.

මෙය සත්ත්ව ගොවි පළක්‌ වුවද අන් ඒවාට වඩා වෙනස්‌ ආකාරයේ එකකි. මෙම ගොවි වපසරිය අක්‌කර හතරක්‌ පමණවේ. තේක්‌ක ආදී වටිනා දැව මෙහි වෙනම වගාකර තිබිණි. ඊට අමතරව එළවළුද වගා කර තිබිණි. මෙම ගොවි පළෙහි සිටිනා සතුන් සඳහා ආහාර නිෂ්පාදනය කරන්නේද මෙම ස්‌ථානයේදීමය. මෙම හේතූන් නිසා එම ප්‍රදේශයේ අංක එකේ සත්ත්ව ගොවි පළ බවට මෙය නිතරගයෙන්ම පත්විය. තනිකරම සත්ත්ව ගොවි පළක්‌ පවත්වාගෙන ගියහොත් පරිසරයට සිදුවන හානියද වැඩිවන නිසා හෙතෙම සත්ත්ව ගොවි පළෙහි අතිරේක භෝග වගාවන් ආරම්භ කළේය.

රජයෙන් කිසිම පහසුකමක්‌ නොලැබුණද මොහු රජයේ ආයතනවලට ගෙවිය යුතු බදු සහ මුදල් ද නොකඩවා ගෙවා තිබූ බව කියෑවිණි. අඩුම ගණනේ ඒ සඳහා ඔහුට ජලය සහ විදුලි පහසුකම්වත් හරි හැටි ලැබී තිබුණේ නැත. ඔහු නීතියට අනුව ඔහුගේ සත්ත්ව ගොවිපළ පවත්වාගෙන ගියේය.

විඡේරත්නගේ ගොවි පළ දිනෙන් දිනම දියුණු විය. සේවකයෝ දහ පහළොස්‌ දෙනෙක්‌ දිනපතා ඔහු ළඟ සේවය කළේය.

මේ අතර මෙම සත්ත්ව ගොවි පළට විරුද්ධව පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කළ පිරිසක්‌ වූහ. එහෙත් විමර්ශන වලින් පසු එම පැමිණිලිවල පදනමක්‌ කියෑවිණි.




මෙම ප්‍රදේශයේ ඇති සත්ත්ව ගොවි පළවල්වලින් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ඇතැම් නිලධාරීන් අල්ලස්‌ ගැනීම ප්‍රසිද්ධ රහසකි. ඔවුන්ට කලට වේලාවට එම අල්ලස්‌ නොලැබුණහොත් ගොවි පළවල් පවත්වාගෙන යාම අසීරු කාර්යක්‌ බව කියෑවේ. විඡේරත්න මෙම අල්ලස්‌ ලබාදීමට තදින්ම විරුද්ධ වූ අයෙක්‌ බව පැවැසිනි. කිහිප විටක්‌ බොරු චෝදනා නඟමින් මුදල් ඉල්ලා පොලිස්‌ නිලධාරීන් පැමිණියත් මොහු සතයක්‌වත් එම දූෂිත නිලධාරීන්ට ලබා දී නැත. එම නිසා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ සමහර නිලධාරීන්ද විඡේරත්න සමග සිටියේ දැඩි වෛරයකින් බව පැවසිනි.

මේ බව හො¹කාරව දැනගත් ඔහුට විරුද්ධ වූ කීප දෙනෙක්‌ පොලිසියේ නිලධාරීන් සමග එක්‌වී විඡේරත්නට විරුද්ධව විටින් විට බොරු චෝදනා නැගූ බවත් වසර දෙකක්‌ තුළ මොහුට විරුද්ධව පැමිණිලි 79 ක්‌ පමණ දමා ඇති බවත් වාර්තා විය. ලැඛෙන තොරතුරුවලට අනුව සමහර මාසවල දින විස්‌සකට වඩා පොලිසිය ගොවි පළට පැමිණ තිබේ. එමෙන්ම ගොවි පළෙහි වැඩ කරන සේවකයන්ට කිසියම් පිිරිසක්‌ කිහිප විටකදී පහරදී වැඩට නොයන ලෙස තර්ජනය කර තිබේ. පහරකෑමෙන් පසු සේවකයින්ද වැඩට පැමිණ නැත. වසර දෙකක්‌ පුරා එක දිගට සිදුවූ මේ සිදුවීම්වලින් මොහුගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබිණි. විටින් විට පොලිසියේ නිලධාරීන්ගේ බලපෑම් නිසා ඔහුගේ දරුවන් සිවු දෙනාද දිවි ගෙවා තිබුණේ කම්පනයකිනි. ඔවුන්ගේ පාසල් යාම පවා මේ නිසා අඩාල වී තිබිණි.

වරක්‌ විඡේරත්නට සහ ඔහුගේ අවු. 13 ක්‌ වයසැති දියණියට කිසියම් පිරිසක්‌ පහර දුන්හ. මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැමීමට අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට ගිය විට පොලිස්‌ නිලධාරීහු මොහුට බැණ වැදී එළවා ගත්හ.

අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විඡේරත්නට විරුද්ධව නඩු කිහිපයක්‌ දමා තිබිණි. ඔහු පවසන්නේ මේවා කිසිවකටත් තමා සම්බන්ධ නොමැති බවය. ඔහු සමග ඇති තරහට පොලිස්‌ නිලධාරීන් එකතුවී මෙලෙස බොරු චෝදනා ඉදිරිපත්කර නඩු පවරා ඇති බවත් කියෑවිණි. අනුරාධපුර මහාධිකරණය එක්‌ වරක්‌ තීන්දුවක්‌ දී මෙම සත්ත්ව ගොවි පළ නිදහසේ දිගට කරගෙන එයට අවසර දුන්නේය. එහෙත් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ සමහර නිලධාරීන් වහම ඉඩ ලබා නොදෙන බව විඡේරත්න පවසන්නේය. මට විරුද්ධව දිගින් දිගටම පැමිණිලි දමා තිඛෙන්නේ එකම පිරිසක්‌. ගමේ වෙන කවුරුත් මට විරුද්ධවත් මෙම සත්ත්ව ගොවි පළට විරුද්ධවත් පැමිණිලි ඉදිරිපත් කරලා නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිත් සොයා බලන්න පුළුවන් කියාය.

කොතරම් ඉවසුවත් විඡේරත්නහට නිදහසේ ජීවත් වීමට ඉහත පොලිස්‌ නිලධාරීන් හා එම පිරිස ඉඩ දී නැති බව කියෑවිණි. අන්තිමට විඡේරත්න දින 14 ක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත විය. මොහුට ඇප ලබා දුන්නේ පැමිණිලිකරුවන්ට කිසි තර්ජනයක්‌ නොකරන ලෙසට අවවාද කරමින්ය. නමුත් විඡේරත්නට එක දෙයක්‌ වැටහුණි. නැවතත් මෙම පැමිණිලිකරුවන් තමන්ට තර්ජනය කළ බවට බොරු පැමිණිල්ලක්‌ දමන බවය. එයට උදව් කරන නිලධාරීන් පිරිසක්‌ අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ සිටින බවද ඔහු දැනගෙන සිටියේය. එසේ නැවත පැමිණිල්ලක්‌ දැමුවහොත් ඔහුට නඩුව අවසන් වන තුරු ඇප ලැඛෙන්නේද නැත.

කාගෙන්වත් සරණක්‌ නැති කළ විඡේරත්න සිය පවුලේ සාමාජිකයන් සමග කොළඹ පොලිස්‌ මූලස්‌ථානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත වූයේය. ඒ පොලිස්‌පතිතුමාගෙන්වත් සහනයක්‌ බලාපොරොත්තුවෙනි. මෙම සිද්ධිය පොලිස්‌පතිතුමාට සැලවීමත් සමග විඡේරත්න ඇතුළු දරු පවුල පොලිස්‌ මූලස්‌ථානය තුළට කැඳවා ඔවුන්ගෙන් සියලු තොරතුරු පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් ලබා ගත්තේය.

ඒ අනුව පොලිස්‌පති ඉලංගකෝන් මහතා පොරොන්දුවී ඇත්තේ කඩිනම් පරීක්‍ෂණයක්‌ සිදුකර සාධාරණය ඉටුකර දෙන බවය. මේ පිළිබඳව සොයා බැලීමට කොළඹ පොලිස්‌ මූලස්‌ථානයේ නිලධාරීන් පිරිසක්‌ පත්කර තිබේ. දැනට අධිකරණයේ විභාග වෙන සියලුම නඩුද තාවකාලිකව නතර කරන ලෙසට පොලිස්‌පතිතුමා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක්‌ ද කර ඇත.

ලංකාවේ සිටින සියලුම පොලිස්‌ නිලධාරීහු දූෂිතයෝ නොවෙති. තම නිල ඇඳුමෙවත් ගෞරවය ආරක්‍ෂා කිරීමට නොදන්නා දූෂිත පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ද පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටිති. මෙවැනි දූෂිත නිලධාරීන් ගැන සොයා බලා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන්නේ නම් එය මුළු මහත් සමාජයටම කරනා සද්කාර්යයකි.


ගයාන් සමරසිංහ

ඔබටත් දැන් පහතින් ඔබගේ අදහස එකතු කළ හැකිය
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ela machan digatama mewwa dapan, lankawe idahase business ekak karan inda baha. Kochchara nithiyata anuwa karath manthirla saha unge golayangen puduma wadayak thiyenne.

    ReplyDelete