වර්තමානයේ දී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නිෂ්පාදකවරුන් පුංචි තිරය හැරයාමට පෙලඹී සිටින මෙවැනි කාලයක ඈ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වී සිටියි. නිෂ්පාදිකාවක ලෙස වගේම නිළියක ලෙස ද කාලයක පටන් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වන විනෝජා නිලන්ති මේ සැරසෙන්නේ ඇගේ නවතම ටෙලි සිත්තමේ නිර්මාණ කටයුතු සඳහායි. මේ ඒ පිළිබඳ ඈ සමඟ කළ සාකච්ඡාවකි.
"සඳ සේයා" කියන්නේ ඔබගේ නම වැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය. ඒ ගැන යමක් කියමුද?
"සඳ සේයා"ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ජීවන් කුමාරතුංග හා රොෂාන් රණවන. මේ ටෙලි නාට්‍යය සඳහා මා නවක නිළියක් හඳුන්වා දෙනවා. ඒ රිෂී. ඊට අමතරව පි‍්‍රයන්ත සෙනෙවිරත්න, හෂිනිකා කරලියද්ද, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ඇන්තනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, සංකේත් වික්‍රමගේ වගේ නළු නිළි කැලක් ‘සඳ සේයා’ සඳහා රංගනයෙන් දායක වෙනවා. ගී පද රචනයෙන් සහාය වන්නේ අජන්තා රණසිංහ. සංගීතයෙන් දිනේෂ් සුබසිංහ. මෙහි අධ්යක්ෂවරයා වන්නේ තිසුල දීප තඹවිට. ඔහු පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘මල්සර අකුණු’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළෙත් ඔහුයි. ඒ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රය වුණා. ඒ නිසා ඔහු වැනි අධ්යක්ෂවරයකු සමඟ නැවතත් වැඩ කරන්නට ලැබීම සතුටට කරුණක්.
මේ දවස්වල ඔබ නිෂ්පාදනය කළ ‘මකුළු දැල්’ ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. කොහොමද ලැඛෙන ප්‍රතිචාර?
මගේ ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියේ විකාශ වන්නේ පළමු වතාවට. ඒ වනතුරුම මා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය කිහිපයම විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘මකුළු දැල්’ ටෙලි නාට්‍යයට ලැඛෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අසීමිතයි. ඒ ඔස්සේ සිතෙහි ඇතිවුණු පී‍්‍රතියයි මා තවත් නිර්මාණයක් කිරීමට යොමු කළේ. මේ වසරේ නිර්මාණ දෙකකට මා නිෂ්පාදනයෙන් දායක වෙනවා. ‘සඳ සේයා’ කියන මේ ටෙලි නාට්‍යය වගේම ඉදිරියේ දී තවත් ටෙලි නාට්‍යයක වැඩකටයුතු ආරම්භ කිරීමට අදහස් කරනවා. මගේ මහත්තයා පි‍්‍රයන්ත විජේකෝන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ නිර්මාණ අතරෙන් ‘සඳ සේයා’ කියන්නේ දීර්ඝ ටෙලි නාට්‍යයක්. මා දීර්ඝව කරන පළමු ටෙලි නාට්‍යයයි මේ.
දීර්ඝ ටෙලි නාට්‍ය සෙමෙන් ඈත් වෙලා යන යුගයකයි ඔබ දීර්ඝ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනයට පෙලඹෙන්නේ. එයට විශේෂ හේතුවක් තිඛෙනවාද?
තවමත් ඉනිදියානු ටෙලි නාට්‍ය විකාශය වෙනවා. මේවා මෙගා නාට්‍ය ගණයටයි වැටෙන්නේ. මේ ටෙලි නාට්‍ය නරඹන්නට තවමත් රූපවාහිනිය වටා මිනිසුන් එක්රොක් වෙනවා. අපිත් මේ තරගයට මුහුණදිය යුතුයි. ඒ අනුවයි මා දීර්ඝ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. ඒ කොහොම වුණත් මම නිර්මාණයේ තිඛෙන ගුණාත්මක බව අඩු කරන්න කැමැති කෙනෙක් නම් නෙවෙයි.
‘සඳ සේයා’ කියන්නේ තවත් ආදර කතාවක්ද?
පරම්පරාවේ අභිමානය පිළිබඳ කියැවෙන මේ ටෙලි නාට්‍යයේ ආදරය පිළිබඳවත් කතාබහ වෙනවා. මේ වෙනකොට රූගත කිරීම් ආරම්භ කරලා තිඛෙන ‘සඳ සේයා’ වගේ ටෙලි නාට්‍යයකට ජීවන් කුමාරතුංග වගේ රංගන ශිල්පියෙක් සම්බන්ධ වීම මට බොහොම වැදගත් කාරණයක්. අනිත් කාරණය වන්නේ රොෂන් රණවන කියන්නේ ටෙලි නාට්‍ය රංගනයට නිතරම යොමු නොවන කෙනෙක්. ඔවුන්ගේ එකමුතුව මගේ ටෙලි නාට්‍යයට ආලෝකයක් වේවි.
ටෙලි නාට්‍යයක් නිර්මාණය කළාට පස්සේ ඒක විකාශය කරගන්න දිගු පෝලිමක ඉන්නට සිද්ධ වෙනවා. ඒ බව කවුරුත් දන්න කාරණයක්. මේ නිසා නිෂ්පාදකවරුන් පුංචි තිරය හැරයෑමේ ප්‍රවණතාවක් දකින්නට ලැඛෙන කාලයක්. ඒ කාරණය ඔබටත් බලපෑම් කරලා තියෙනවද?
නෑ, මට ඒ කාරණය මේ වනතුරු කිසිසේත්ම බලපෑමක් කරලා නැහැ. මොකද මම කවදත් කරන්නේ හොඳ නිර්මාණ. කැපවීමෙන් කරන මේ හොඳ නිර්මාණවලට ප්‍රේක්ෂකයන් කැමැතියි. ඒ වගේ හොඳ නිර්මාණවලට ඔය වගේ කාරණයක් බලපාන්නේ නැහැ කියලා මම හිතනවා. මේ වෙනකම් නම් ඒ වගේ ප්‍රශ්න මට ඇති වෙලා නැහැ.
බොහෝ නිෂ්පාදකයන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ රඟපාන්න බලාගෙනයි කියලා චෝදනාවක් තියෙනවා. ඔබටත් මේක අදාළයි නේද?
ඒකට හොඳ පිළිතුරක් තියෙනවා. මම ‘මායා සේයා’ කියන ටෙලි නාට්‍යයේ රඟපෑවේ නැහැ. මට ඒකේ කිසිම චරිතයක් තිබුණෙත් නැහැ. අධ්යක්ෂවරයා තමයි මට මේ චරිතය කරන්න කියලා කියන්නේ. එහෙම නැතුව පිටපත බලලා මට මේ චරිතය ඕන කියලා මම කිසිම දවසක චරිතයක් ඉල්ලලා නැහැ.
ටෙලි නිර්මාණයකට යොදන මුදල ටෙලි නාට්‍යයක් අවසානයේ නිෂ්පාදකට නොලැඛෙන බවයි බොහෝ නිෂ්පාදකයන් පවසන්නේ.
ඒ කාරණයේ පොඩි සත්‍යතාවක් තිඛෙනවා. කොයිතරම් ටෙලි නාට්‍යවලට අරගන්න බඩු භාණ්ඩවල වියදම්, ඩීසල්, පෙට්‍රල් මිල ඉහළ ගියත් නිවාඩු නිකේතනවල මිල ඉහළ ගියත් ඒ කාලයේ එපිසෝඩ් එකකට ගෙව්ව මුදලකටත් වඩා අඩුවෙන් තමයි අද රූපවාහිනී ආයතනයකින් ගෙවන්නේ. ඒ අභියෝගය මම භාර ගන්නවා. මට ආදායමට වඩා වුවමනා වී තිඛෙන්නේ හොඳ නිර්මාණයකට දායක විය යුතුයි කියන කාරණයයි. ඒකෙන් කියවෙන්නේ ආදායම ගැන බලන්නෙ නැහැයි කියන කාරණයම නොවෙයි. නමුත් හිතන තරම් ආදායමක් ටෙලි නාට්‍ය නිෂ්පදනයෙන් ලබාගන්නට බැහැ.
එහෙම නම් ඇයි ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පෙලඹෙන්නේ. ඒවායෙන් ලැඛෙන වෙන වාසියක් තියෙනවද?
හොඳ නිර්මාණයක් කරලා මම තෘප්තියක් ලබනවා. ‘මකුළු දැල්’ ටෙලි නිර්මාණය රූපවාහිනියේ විකාශය වෙනකොට කවුරු හරි කිව්වොත් ඒ ටෙලි නාට්‍යය බොහොම හොඳයි කියලා, මට ලැඛෙන තෘප්තිය කාටවත් සල්ලිවලට දෙන්න බැහැ. ඒකයි ටෙලි නිර්මාණයක් කරන්න මේ තරම්ම වෙහෙසෙන්නේ.
ඔබ නිෂ්පාදකයා කියන භූමිකාවට ද නිළියක් කියන භූමිකාවටද මුලින්ම පණ පොවන්නේ?
මම ‘අහස් වියන’ කියන ටෙලි නාට්‍යය කළාට පස්සේ, ඒක විකාශය වෙන්නටත් කලින් අධ්යක්ෂවරයා රඟපාන්න කතා කරනවා. ඉන්පස්සෙයි මම නිළියක් වෙන්නේ. නිෂ්පාදන කටයුතු අතරේ තෝරා බේරාගත් චරිත කිහිපයක් රඟපාමින් මම නිෂ්පාදන කටයුතුවල නිරත වෙනවා. මොකද නිෂ්පාදන කටයුතුත් එක්ක රඟපෑම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ දවස්වල මම රඟපාන ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව රටම මාව දැන හඳුනාගත්තේ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සබඳ පබිලිස්’ ටෙලි නාට්‍යයෙන්. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන මාපිටිගම අයියටයි. පසුගිය කාලයේ ව්‍යාපාර කටයුතුත් එක්ක මම කාර්යබහුල වුණා. ඒත් නව වසරේ මම නිෂ්පාදන කටයුතුවල වගේම රඟපෑමේත් නියැළෙනවා.
ඔබ රංගනය පිළිබඳ මීට පෙර හදාරලා තියෙනවද?
මීට පෙර රංගනය ගැන හදාරලා නැති වුණත් මට රඟපාන්න පුළුවන් කියලා මම දන්නවා. කුඩා කාලයේ පටන්ම ඒගැන අපූරු යොමු වීමක් තිඛෙනවා කියලා මගේ අම්මා මට කියලා තියෙනවා.
Subscribe to:
Post Comments
(
Atom
)
all d best...
ReplyDelete