බොදු බල සේනා සංවිධානයට පසුගිය දිනවල කට පියාගෙන ඉන්න සිදු වූයේ චෝගම් මඟුලක් නිසා බවත් නැවතත් ජිනීවා මඟුලක් නිසා කට පියාගෙන සිටීමට සිදුවී ඇතැ එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
කෙසේ නමුත් රටට, ජාතියට ශාසනයට සිදුවන අකටයුතුකම් ඉදිරියේ තවදුරටත් කටපියා ගෙන සිටීමට නොහැකි බවත් සිංහලයන් අන්ත අඩියට වැටී සිටියද රටේ නායකයින්ට වගේ වගක් නැතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ.
‘රටේ ලොකු තැන් වලට ගතු කියපු ගමන් සමහර වාචාලයෝ අපිව පැත්තකට කරලා තියන්න බැලූවා. රටේ සිදුවන අකටයුතුකම් ගැන අපි කතාකළාම ජිනීවා පැරදෙන බව ඒ අය කියනවා. දැන් රටේ සිදුවන දේවල් මේ අයට පේන්නේ නෑ. ඡුන්දේ විතරයි, කතිරෙ ගැන විතරයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ. ජිනීවා පැරදුනේ බොදුබල සේනාව හින්දා බව අන්තිමේදී කියන්න ගත්තා’ යැයිද උන් වහන්සේ වැඩිදුරටත් කීහ.
0 comments:
Post a Comment