මට ආයෙම ලංකාවට එන්න සිදුවුණා._K.සුජීවා

සුජීවාගේ සංගීත ජීවිතයේ අලුත් කටයුත්තක් කරන්නට යන බව ආරංචියි.

ඔව්. මම අලුත් ගීත දෙකක් කළා. දැන් ඒවායේ 
රූප රචනා රූප ගත කරමින් සිටිනවා. මගේ ගීත රූප රචනා අතුරින් වැඩිම වියදමක් දරමින් සිදු කරන රූප රචනා විදියට මේවා හඳුන්වන්න පුළුවන්. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. මේ රූප රචනා මාර්තු 1 වැනිදා එළිදක්වනවා. 
 ඒ දවසේ තවත් විශේෂ කටයුත්තක් සිදුවනවා. 
මගේ රූපලාවන්‍යාගාරය විවෘත වන්නේත් එදාම තමයි. තලවතුගොඩ පිහිටි එම රූපලාවන්‍යාගාරය තට්ටු පහකින් සමන්විත ර්‍ණසැලොන් කේ” නමින් තමයි නම් කරලා තියෙන්නේ. 

ඔබේ රූපලාවන්‍යාගාරය දැනටත් පවත්වාගෙන යන්නේ එතැනම නේද? 

දැනට එය පවත්වාගෙන යන්නේ සැලෝන් කේ. නමින් නමෛයි. අනෙක තට්ටු පහකට පුළුල් කරලා අති නවීන තාක්ෂණික පහසුකම් සහිතව නවීනතම ක්‍රම භාවිතා කරමින් අලුත්ම විදියට තමයි මේ ඇරඹුම සිදුකරන්නේ. පහුගිය කා‍ලේ මම මම විදෙස් ගත වෙලා හිටියේත් රූපලාවන්‍ය ශිල්පය ගැන වැඩිපුර  හදාරන්න. 

ඔබ විදෙස් ගතවුණේ රූපලාවන්‍ය ශිල්පය වැඩිදුර හදාරලා ඇවිත් රූපලාවන්‍යාගාරය මේ විදියට පුළුල් කරන්නද? 

නැහැ. මම විදෙස් ගතවුණේ බහරේන්වල රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන්න. නමුත් එහි ඒ විදියට තමන්ට අවශ්‍ය විදියට රූපලාවන්‍යාගාරය
අරඹන්න බැහැ. ඒ රටේ පිළිගත් රූපලාවන්‍ය විශේෂඥයකු යටතේ හදාරලා සහතිකයක් ගන්න ඕන. මම 2012 අගෝස්තු 06 දා විදෙස් ගත වුණා. මම එහිදී ඩොක්ටර්  අන්වර් යටතේ සේවය කරමින් රූපලාවන්‍ය ශිල්පය ගැන වැඩිදුර හැදෑරුවා. ඔහුගේ ශිල්පය හදාරන්න අති විශාල ගෙවීමක් කළ යුතුයි. නැතිනම් ඔහු යටතේ සේවය කළ යුතුයි. ඉතින් මම ඔහු යටතේ සේවය කරලා ඒ ගමන් අදාළ ශිල්පය හැදෑරුවා. ඉන් පසුව බහරේන්වල රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමේ හීනය සැබෑ කර ගත්තා. ඒත් සිදුවුණේ නොසිතූ දෙයක්. 

මොකක්ද? 

මට එම රූපලාවන්‍යාගාරය අතැර දමා ආයෙම ලංකාවට එන්න සිදුවුණා. මම 2013 ජුලි 25 ආයෙම ලංකාවට ආවා. මා සමග මගේ ව්‍යාපාරයට දායක වූ ව්‍යාපාරික සහයිකාවට ව්‍යාපාරය භාරදීලා මා ආයෝජනය කළ මුදල පමණක් අරගෙන මට ආයෙම ලංකාවට එන්න සිදුවුණා. ඊට හේතුව මේ කුහක සමාජයේ තිඛෙන දුෂ්ටකම. 
 ඔබ විදෙස්ගත වීම පිළිබඳව නොයෙක් කට කතා පැතිර ගියා
ඒක නිසා තමයි මම ආයෙම ලංකාවට ආවේ. 

 කටකතාවකට බයේ ව්‍යාපාරය නවතා දැමීම නිවැරදි තීරණයක්ද?

මට එහෙම කරන්න සිදුවුණා. මං ගැන හිතල නමෛයි මගෙ අහිංසක දෙමාපියෝ, අයියා, මගෙ චූටි දුව ගැන හිතල මට ඒ දේ කරන්න සිදුවුණා. මගේ දූ රෝස් දිව්‍යාංජලීට දැන් වයස 7යි. එයා ර්‍ණඕසිස් ජාත්‍යන්තර පාස‍ලේ ඉගෙන ගන්නවා. මම ගැන කට කතා පැතිර යාම ඇයට බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලවල මට වබේ අඩවිවල පළවන පුවත්වලට පිළිතුරු දෙන්න වෙන්නේ මගෙ මවුපියන්ට. මම ඒ අයගෙ මානසික තත්ත්වය ගැන හිතන්න ඕන. දිගින් දිගට මං ගැන වැරදි පුවත් වබේ අඩවිවල පැතිරිලා යද්දී බොහෝ අය ඒ ගැන කතා කළා. මේ වෙලාවේ මම සමස්ත පුවත්පත් මාධ්‍යයට ස්තූතිවන්ත වෙනවා. 
කිසිම පුවත්පතක මා ගැන වැරදි පුවතක් පළ වුණේ නැහැ. ඒ වුණත් මම දිගටම විදෙස් ගත වී සිටීමෙන් මෙම කට කතාව තව තවත් සමාජගත විය හැකියි. මගේ මවුපියෝ නිතරම කිව්වේ මට එන්න කියලා ඒ හින්දයි මම ආවේ. 

මොකක්ද මේ කට කතාවේ සුලමුල? 

මගෙ රූපලාවන්‍යාගාරයේ සිදුකළ ප්‍රතිකර්මයක් වැරදිලා හම පිච්චීමකට ලක් වූ බවක් තමයි කට කතාවේ කියැවුණේ. ඒකට බයේ මම රටින් පැන්න බව කටකතාවේ සඳහන් වුණා. ඒක අභූත චෝදනාවක්. මගෙ සැලෝන් එකේ වෛද්‍ය ප්‍රතිකාර කරල නැහැ. කෙමිකල් භාවිතා කරලා නැහැ. මම කරන්නේ හර්බල් ට්‍රීට්මන්ට්. 

 ඔබ යළි ලංකාවට පැමිණියාම  මෙම චෝදනාවෙන් මිදීමට හේතු වුණාද?

ඔව්. කට කතාව බොරුවක් බව දැන් හැමෝටම ඔප්පු වෙලා ‍පොඩ්ඩක් හිතලා බලන්න අපි සුපර් මාර්කට් එකකට ගිහින් ගත්ත ආහාරයක් නරක් වෙලා තිබුණත් අපි එතැනට ගිහින් ඒක මාරු කරනවා. ඒ වගේම අදාළ වෙළෙඳුන්ට දොස් නගනවා. මගේ රූපලාවන්‍යාගාරයට ඇවිත් කාගෙ හරි මූණක් පිච්චුනානං එයා නිකන් ඉඳීද?‍පොලීසිය තියෙන්නෙත් මගෙ සැලෝන් එක ආසන්නයේ. පසුගිය ජූලි මාසෙ මම ලංකාවට ආවා. ඉන් පසුවත් මම රූපලාවන්‍යාගාරය තාවකාලිකව නතර කරලා තියෙන්නේ
වඩාත් පුළුල් විදියට අරඹන්න. අලුත්වැඩියා කිරීම් කරන හින්දා. මේ කාලය තුළ මම රට වටා ප්‍රසංගවලට ගියා. ඔය කියන විදියේ දෙයක් වුණා නම් මට මේ විදියට ඉන්න පුළුවන්ද? එහෙනම් මෙලහකට මගේ සැලෝන් එක සීල් තියන්න ඕනෑ. මම ආයෙම ලංකාවට ආවා. එහෙත් බහරේන්වල අරඹන්න ගිය ව්‍යාපාරය අඩාල වුණා. නමුත් කටකතාව බොරුවක් බව ඔප්පු වුණා. 

 මෙවැනි කටකතාවක් පැතිර යාමට හේතුව මොකක්ද 

මගේ දියුණුව විඳගන්න බැරි පිරිසක් තමයි මෙය සිදුකළේ. ඒ අය අතර ජනප්‍රිය චරිතත් තියෙනවා. 
දැන් මම ඒ හැමදේම දන්නවා. ඒ හැමෝම කවුද කියලා දන්නවා. අදටත් ඒ අය මා දැක්කම හලෝ කියලා කතා කරනවා. 
මම දැන් අවුරුදු 10ක ඉඳන් බෞද්ධයෙක්. හැමදේම උපේක්ෂාවෙන් විඳ ගන්නවා. ඒ වගේම ඒ අයට කළකම් පල දෙන අවස්ථාවක් එන බවත් දන්නවා. 

ඔබේ ඉදිරි කටයුතු?
විදෙස් ගත වෙලා ව්‍යාපාරය කරන්න හිතුවට එය අඩාල වුණා. 
නමුත් ඒ කාලය තුළ ඉගෙන ගත් ශිල්පය මගේ ව්‍යාපාරය දියුණු කරගන්න යොදවනවා. 

අති නවීන පහසුකම් සහිත විශාල රූපලාවන්‍යාගාරයක් විදියට මගේ ව්‍යාපාරය දියුණු කරගෙන මගේ සංගීත කටයුතුත් සාර්ථකව කරගෙන යාම තමයි දැනට තියෙන කටයුතු වන්නේ.

කණිෂ්ක තෙවරාතන්ත්‍රිගේ
ඡායා-:- ලක්මාල් වසන්ත
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment