අපේ දරු පරපුර යනු රටේ අනාගතය ය. රට ගොඩනැගීමේ අනාගත වගකීම පවතින්නේ දරුවනට බව කාටවත් විශේෂයෙන් පෙන්වා දිය යුතුද නැත. පාසල් යන දරුවන්ද සිටිනුයේ එකී උරුමක්‌කාර කුලකයේය. නමුත් උරුමය එය වුවද කලක සිට කරුමය ඉස්‌මතු වී තිඛෙන්නේ සමස්‌ත ජාතියම හිරිවට්‌ටන අයුරින්ය.
මෙරට පාසල් පද්ධතිය තුළින් පිහිරිණු ශිෂ්‍ය විනය පිළිබඳ දිගු කලක සිට කියෑවුණු කතා බොහොමයක්‌ම තිබිණි. පාසල් තුළින් පමණක් නොව ඇතැම් අවස්‌ථාවල පාසල් සිසුන් එක්‌වී සිදු කළ එවන් නොහොබිනාකම් පිළිබඳ කතා සමාජය තුළින් ද ඇසෙන්නට විය.
මේ සියල්ල අතරේ මෙරට පාසල් පද්ධතියේ විනය පිරිහීම උග්‍රම අවස්‌ථාවට ළඟා වී තිඛෙන බව රටට පසක් කරමින් ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලය තුළින් තවත් අලුත්ම කතාවක් කරළියට පැමිණියේ ඉකුත් සතියේය. සැබවින්ම එහිදී සිදුවූයේ කුමක්‌ද?
සිදු වූයේ කදුරු ගෙඩිය පශ්චාත් බාගයේ සිරවුණු ගොන් වස්‌සන් මෙන් කුලප්පු වූ බණ්‌ඩාරනායක මාතාව සෙවනේ අකුරු කරමින් සිටි සිසුන් පිරිසක් සහ එහි අකුරු කළ සිසුන් පිරිසක් එක්‌ව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ කීර්ති නාමය පමණක් නොව විදුහලේ නාමපුවරුවේ සිට බොහෝ සම්පත් වනසමින් මැර හමුදාවක් මෙන් ක්‍රියා කිරීම වූහ.
මේ මැර රංගනයට පණ දුන් සියල්ලන්ගේ දෙමාපියන් සමාජයේ වැදගත් ලෙස ජීවත් වන පිරිස් විය යුතුය. නමුත් බණ්‌ඩාරනායකයේ පුත්තු නම් මෙහිදී කටයුතු කළේ ලනොට්‌ටිගේල පුතාලා පරිද්දෙන් බව නොකියා බැරිය. කියන්නට තවත් දේවල් ඇත. එහෙත් මුන් තවමත් පාසල් යන වයසේ සිටින්නන් බැවින් අප ඉන් එහා යමක් කියන්නේ නැත.
එසේ වෙතත් වැදගත් දෙමාපියන්ගේ මෙකී නොවැදගත් පුතාලා ටික හදා ගැනීමට ඒ දෙමාපියන් හෙටට කල් නොදමා අදම පියවර ගත යුතු බව අපි කියමු. මන්ද තමන් තුරුළේ සිටි දරුවකු පාතාලයකු බවට පත්ව සමාජගත වනු දැකීමට බණ්‌ඩාරනායක පාසල් මාතාව අකමැති බව අප දැන සිටින නිසාය.
මෙකී සිද්ධිය අවස්‌ථාවේ පැහැදිලිව පෙනෙන්නට තිබුණේ යක්‍ෂාවේෂ වූ බණ්‌ඩාරනායකයේ පොඩි වැඩිහිටියන් පිරිසක් පාසලේ දේපල වනසමින්, මාධ්‍යවේදීන්ට පවා පහර දෙමින් පාසලේ විදුහල්පතිවරයා ඉවත් කළ යුතු බවට හඬ නගන අතරේ යකා නැටීමය. එහිදී ඔවුහු විදුහල්පතිරයා හැම කරුණකදීම පොලිසියේ සරණ පතන්නකු යෑයිද චෝදනා කළහ.
නමුත් දර්ශනය වූ සිද්ධිය එය වුවද මේ පසු පස කියෑවෙන තවත් කතා පෙළක්‌ම වන බව මේ වන විට අනාවරණය වෙමින් ඇත. සියල්ල සිදුවූයේ ලනාලාගිරිල න්‍යායෙන් බවද කියෑවෙන්නේය.
ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ කැඩෙට් කණ්‌ඩායම යනු කාලයක සිට විදුහලට වැඩි කීර්තියක් ගෙන දුන් පාසල් කණ්‌ඩයකි. එහෙත් මෑතකදී කැඩෙට් කණ්‌ඩායම භාරව සිටි ගුරුවරයකු එහි සිසුවකුට කිසියම් සිද්ධියක් හමුවේ පහර දුන්නේය. එම පහර දීමත් සමග සිසුවාගේ දෙමාපියන් පාසලට පැමිණ විදුහල්පතිවරයා මුණ ගැසුණේ තම දරුවාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි.
අවසානයේ විදුහල්පතිවරයා මැදිහත් වී එය සමතයකට පත් කළේය. නමුත් විදුහල්පති එසේ කටයුතු කළද කැඩෙට් කණ්‌ඩායම භාරව සිටි ඉහතකී ගුරුවරයාට එකී සමතය ප්‍රමාණවත් නොවීය. පාසලේ ඇති නිල හමුදාවේ හමුදාපති තමන් යෑයි යන මානසිකත්වයක එකී ගුරුවරයා පසුවූයේද යන්න අපි නොදනිමු.
කෙසේ හෝ විදුහල්පති ඇති කළ සමතයෙන් පසු මේ සිද්ධිය තවත් වටයකින් පහරකෑමට ලක්‌වූ සිසුවාගේ දෙමාපියන් පැමිණිල්ලක් ලෙස ගම්පහ පොලිසිය දක්‌වා රැගෙන එනුයේ කැඩෙට් ගුරා කණ්‌ඩායමේ අනිත් සිසුන් යොදවා තමන්ගේ දරුවාට පහර දෙන බවට තර්ජනය කළේ යෑයි කියන චෝදනාවක්‌ද සහිතවය.
එම පැමිණිල්ලත් සමග ගම්පහ පොලිසිය විමර්ශන සිදු කරන්නේය. එය පොලිසියේ රාජකාරිය ය. නමුත් මෙහිදී පොලිස් විමර්ශනයෙන් වියරු වැටී 88-89 සමයේ පැවැති දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සිටි සංවිධානාත්මක කැරලිකරුවකුගේ භූමිකාවක් රඟන්නට කටයුතු කළ බව කියන ඉහත කී ගුරුන්නාන්සේ විදුහල්පතිට එරෙහි තවත් ගුරුවරුන් කිහිප දනෙකුද සමග එක්‌ව කැරැල්ලකට සුදානම් වන්නේය. එහිදී විදුහලේ කැඩේට් කණ්‌ඩායමේ සිටි ආදි සිසුන් සහ දැනට සිටින සිසුන්ද විදුහල්පතිට එරෙහිව හසුරුවන්නට ඔවුන් පියවර ගෙන ඇති බව මේ වන විට හෙළිදරව් වී ඇත. බණ්‌ඩාරනායක විදුහලේ ඇති වූ සිද්ධියට පෙර දින ගම්පහ හෝටලයකදී විදුහලේ කැඩෙට් කණ්‌ඩායමේ සිසුන් පිරිසක් සහ ආදි සිසුන් පිරිසක් එක්‌ව කලහකාරී තත්ත්වය ඇති කිරීමට සැලසුම් සකස් කළ බවට පොලිසිය කරගෙන තිඛෙන අනාවරණය එයට ඇති හොඳ සාක්‍ෂියකි.
කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. ඉන් බණ්‌ඩාරනායක පාසල් මාතාවට ශේෂ වූයේ කුමක්‌ද? පාසලේ වූ ආරක්‍ෂිත කැමරා පද්ධතිය ඇතුළු සම්පත් රැසක් විනාශ වී ගියේය. කැඩෙට් කණ්‌ඩායම වසර පහකට තහනම් කෙරිණ. සිද්ධිය පසුපස සිටි ගුරුවරුන් හය දෙනකු වහාම ක්‍රියාත්මක වන සේ මාරුකර හැරුණේය. මේ අතරේ එක් ගුරුවරයෙක් කළ වරදට විදුහල්පතිවරයාගේ දෙපා නැමද සමාව ගත් බවක්‌ද කියෑවිණි.
සියල්ල එසේ වෙද්දී වියරු වැටී තම පාසල් මාතාවට පහර දීමේ සිද්ධිය හමුවේ දැන් ඇය සෙවනේ සිටි සහ දැනටත් සිටින ශිෂ්‍ය චණ්‌ඩින් ගණනාවක් සැකකරුවන් සේ අත්ඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින්නේය. මේ මොහොත වන විට එකී චණ්‌ඩින් පොලිසියට බියේ සැඟවී සිටින බවද වාර්තා වන්නේය. අත්අඩංගුවට ගත හැකි වූ ඇතැම් චණ්‌ඩින් අධිකරණයට ඉදිරිපත් කිරිමටද පසුගිදා පොලිසිය ක්‍රියා කළේය.
නමුත් ඇතිවූ පළමු සිද්ධිය සමතයකට පත් වූ මොහොතේ අංගුලිමාලලා බිහිකරන ආකාරයෙන් කටයුතු නොකරන්නට මීට මැදිහත් වූ ගුරුන්ගේ ඔලුවලට සිහි බුද්ධියක් ඇති වූයේ නම් මේ කිසිත් සිදු නොවන්නේය.
එහෙත් කුමක් කරන්නද? මේ සිටියේද අප ඉහතින් කී පරිදි ලනියඟලාල ක්‍රමයෙන් බිහිවූ ගුරුන් කිහිප දෙනකු විය යුතුය. එසේ නොවූයේ නම් බණ්‌ඩාරනායක පාසලේ නම මෙන්ම අනිත් සියල්ලද නොනැසී මේ මොහොතේත් යහතින් තිඛෙන්නේය.
බණ්‌ඩාරනායකයේ කතාව අවසන් වූයේ එසේය. නමුත් එය අවසන් වූවාට සියල්ලේ අවසනාය එය වන්නේද? නැත. තවමත් ක්‍රමය ඇත්තේ ගුරු සිසු සබඳතා වැනසෙන පිටපො ගිය න්‍යායේය. ඒ හමුවේ අපේ පාසල් ශිෂ්‍යයා කණපිට හැරෙද්දී හෙට දිනයේ තවත් පාසලකින් මෙවන් සිද්ධියක් මතු විය හැකිය.
එහෙත් එය සිදු නොවිය යුත්තක් බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතුද නැත. මන්ද තව දුරටත් මේ ක්‍රමයෙන්ම ඉදිරියට ගියොහොත් ජාතියක් වශයෙන් අසමත් වන්නේද අපම බැවිනි.
එහෙයින් අපි අධ්‍යාපනය භාරව සිටින සහ අනෙකුත් සියලුම බලධාරින්ගෙන් මෙසේ අසන්නෙමු. නිසි විද්වත් මැදිහත්වීමක් තුළින් දැන්වත් මෙරට පාසල් විනය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගැනීමට කාලය පැමිණ නොතිබේද?
මහත්වරුනි, එය සිදු විය යුතුමය. මන්ද මේ මග වැරදී ඇත්තේ රටේ අනාගතයට වන නිසාය.
සමන් ගමගේ
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment