'ලංකාවේ වීර කාන්තාවෝ' යන මැයෙන් රචනාවක් ලියන ශිෂ්‍යත්ව පන්තියේ දරුවකුට 'නදීශා හේමමාලී, උපේක්ෂා ස්වර්ණමාලි හෝ අනර්කලී ආකර්ශා' වැනි ජනප්‍රිය චරිත මතකයට නොඑන්නේ පුංචි දරුවාගේ විඥානයට පවා වීරත්වය හැඟෙන බැවිනි. ඔවුන් කඩෙන් මිලදී ගත් වීර කාන්තා චරිත ඇතුළත් පින්තූර කොළයේ පවා සිටියේ හුදු වාසනා ගුණයෙන් නොව උත්සාහයෙන් වඩවා ගත් ගුණ බලයන් සහිත කාන්තා චරිතය. අපේ දරුවන්ට වීරත්වය හඳුනා ගැනීමේ ගැටලුවක් මෙතෙක් තිබුණේ නැත. පත පොතින් උකහාගත් තොරතුරු ඔවුන්ට සැබෑ වීරත්වය හඳුනාගැනීමට අවශ්‍ය අවබෝධය ලබාදී තිබිණි.
ඉතාම මෑතකදී රජයේ අමාත්‍යංශයකින් නිකුත් කළ සුවිශේෂී ප්‍රකාශනයක් නිසා බලසම්පන්නභාවය, නැතිනම් චරිතයක වටිනාකම හඳුනාගැනීම ප්‍රශ්නකාරී විය. "Strong Woman" යන නමින් රාජ්‍ය ලාංඡනයද සහිතව ප්‍රකාශයට පත්කර තිබුණු මෙම ග්‍රන්ථය ලංකාවේ එතෙක් බිහිවූ ශේ්‍රෂ්ඨ කාන්තා චරිත පිළිබඳ හඳුන්වා දී තිබිණි. ඊටත් වඩා සුවිශේෂී තත්ත්වය වූයේ ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් එක පෙළට ඇදී එන දැයට කිරුළ ප්‍රදර්ශන සැණකෙළියේදී මේ පොත අතින් අතට මාරුවීමය. ලංකාවේ ශක්තිමත් කාන්තා චරිත පිළිබඳ කතා කරන මෑත කාලීන ඉතිහාසයට අමතක නොවිය යුතුම කාන්තා චරිත ද්විත්වයක් මේ පොතෙන් ගිලිහී ගොස් තිබීම මේ සම්බන්ධයෙන් මතුවූ පළමු ප්‍රශ්නයයි. ඊටත් වඩා ප්‍රශ්නය වන්නේ ඒ චරිත ගිලිහී යන අතරම ටෙලිනාට්‍ය චරිතයකට ලැබුණු ජනප්‍රියත්වය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට පය තැබීමේ වරම උදාකරගත් උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිතුමියගේ නම මේ පොතට ඇතුළත් වීමයි.
එය වූ කලී වීරත්වය පිළිබඳ ගැටලුවකි. හෘද සාක්ෂියට දැනෙන දරුණු වේදනාවකි. පක්ෂ භේදයකින් තොරව සිදුවුණ කම්පනයකි. වීරයන් හඳුනන කාට වුවද ප්‍රශ්න කිරීමට සිත්දෙන ප්‍රශ්නයකි. අපේ රටේ සිටි වීරෝදාර කාන්තා චරිත කියූ සැණින් විහාරමහා දේවිය, සුගලා දේවිය, සෝමා දේවිය වැනි චරිත අමතක කරන්නට තරම් අපි කුහකයන් නොවෙමු. මෑත ඉතිහාසයේ පහළ වූ බලවත් කාන්තා චරිත කියූ සැණින් සිරිමාවෝ මැතිනිය සහ චන්ද්‍රිකා මැතිනිය වගේම ශිරාණි බණ්ඩාරනායක මැතිනියත් මතකයෙන් මකා දැමිය නොහැකි තරමට අපි වීරයන් හඳුනන ජාතියක් වෙමු.
ලංකාවේ පහළ වූ බල සම්පන්න කාන්තා චරිත කියූ සැණින් උපේක්ෂලා, අනර්කලීලා, නදීශලා මතකයට නැඟෙන තරමට වීරත්වය පිළිබඳ අපේ සංකල්පයන් මොට වී නැත. චන්ද්‍රිකාට, ශිරාණිට ඔළුව දාගන්න බැරිව ගිය ලංකාවේ ශක්ති සම්පන්නම කාන්තාවන්ගේ නාමාවලියට උපේක්ෂා ස්වර්ණමාලි ඔළුව දාගත්තේ කෙසේද...? ඇයත් සමඟ කිසිවකුටත් පෞද්ගලික ප්‍රශ්නයක් නැත. උපේක්ෂා තමන්ගේ නම කිසියම් ගතමනාවක් ලබාදී මෙම ග්‍රන්ථයට ඇතුළත් කරගත්තා නම් අපටද ඇයත් සමඟ ගනුදෙනුවක් තිබෙන්නට ඉඩ තිබිණි. නමුත් මේ ගැටලුව සුළුකොට තැකිය නොහැක්කේ මේ තීරණයට එළැඹෙන්නේ කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය නිසාය.
රාජ්‍ය ලාංඡනය සහිත ඕනෑම ලියවිල්ලකට වටිනාකමක් සහ වගකීමක් හිමිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ කෘතියටද රාජ්‍ය ලාංඡනය යොදා තිබුණ නිසා නිකම්ම නිකම් ප්‍රකාශනයක් සේ සලකා අමතක කළ නොහැකිය. එමෙන්ම දැයට කිරුළ වැනි නිල රාජ්‍ය උත්සවයකදී ජනතාව අතට පත්කළ නිසාද මේ කෘතිය අවතක්සේරු කළ නොහැකිය. මේ පොතේ වැඩි උපයෝගීතාව ඇත්තේද දරුවන්ටය. චරිතයක ශක්තිමත්භාවය කෙලෙසීම හෝ ආයාසයකින් ළඟා කරවීම ප්‍රායෝගික නොවේ. එලෙස චරිතයකට වටිනාකම් බලහත්කාරයෙන් ආරෝපණය කරන්නට දරන සෑම ප්‍රයත්නයක්ම හාසේයාත්පාද පුවතක ආරම්භයක්ය. මේ නිසා දැයට කිරුළේදී ජනතාව අතට පත්වූ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ "ඉබපධදඨ එධථචද" කෘතිය පිළිබඳ සොයා බැලීමේ අනිවාර්ය මාධ්‍ය වගකීමක් අපට ඇත.
අජිත් පෙරේරා මන්ත්‍රිතුමාට අනුව මේ කෘතිය ජනතාව අතට පත්වන්නේ ජනතා මුදලින්ම උත්කර්ෂවත් වුණ දැයට කිරුළ නම් දැවැන්ත ප්‍රදර්ශනයේදීය. ඒ රජයේ නිල ලාංඡනය සහිත අමාත්‍යංශ නිල ප්‍රකාශනයක් ලෙසිනි. එදා මෙදා තුර ලංකාවේ බිහිවූ ශක්තිමත් කාන්තා චරිත පිළිබඳ හඳුන්වාදීමක නිරතවන මේ කෘතිය එවැනි පුද්ගල නාම රාශියක් දක්වා ඇත. නමුත් අවාසනාවකට මේ නම් අතරට ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නමත්, ලංකාවේ ප්‍රථම අග්‍රවිනිශ්චයකාරවරිය වන ශිරාණි බණ්ඩාරනායක මැතිනියගේ නමත් ඇතුළත් වී නැත. අජිත් පෙරේරා මන්ත්‍රිතුමා පවසන්නේ උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් හිතවත් පබා මන්ත්‍රිතුමිය තරමටවත් මේ චරිත නොවටින්නේදැයි කියාය.
"තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩු කරයි" මේ කියමනට ලංකාවෙන් උදාහරණ සැපයුවේ සිරිමාවෝ මැතිනිය සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. මෙරට දේශපාලන ඉතිහාසයේ අභියෝගාත්මක තීන්දු තීරණ ගත් වසර 11ක ජනාධිපති ධුරකාලයක් ඇය සතුය. එතරම්ම කාලයක් ලංකාවේ ශේ්‍රෂ්ඨාධිකරණයේ මුලසුන හෙබවූ ප්‍රථම කාන්තාව වූයේ ශිරාණි බණ්ඩාරනායක මැතිනියයි. මේ දෙදෙනාටම අහිමි වූ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිතුමියට හිමිවූ බලසම්පන්නභාවය, ශක්ති සම්පන්නභාවය, වීරත්වය විමසා බැලිය යුතුමය. අපි මේ විමසා බැලීම ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතාගෙන් ආරම්භ කළෙමු.
තිස්ස කරලියැද්ද ඇමැතිතුමා...
ඔව් කියන්න එයා තමයි.
පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද?
මොකක්ද දැනගන්න ඕනෙ?
මොකක්ද ඇමැතිතුමා ඔබතුමාගේ අමාත්‍යංශයෙන් නිකුත් කරපු "ඉබපධදඨ එධථචද" කියන පොත?
ඒක පරණ පොතක්. පරණ පොතක් ගැන ඇයි දැන් කතාකරන්නේ...?
පොත පරණ වුණාට වර්ගීකරණය ගැන ප්‍රශ්නයක් තියෙනවානේ...?
වර්ගීකරණය ගැන ඔබට ප්‍රශ්න තිබුණත් අපිට කමක් නෑ. අපි ඒ පොත අවුරුද්දෙන් අවුරුද්ද කරන්න හිටියේ. එකම අවුරුද්දේ ඔක්කොම පින්තූර දාන්න බෑනේ. අනිත් එක එක එක්කෙනාට ඕන විදියට අපට දාන්න බෑනේ...
අපිත් කියන්නේ ඒකම තමයි. "ඉබපධදඨ එධථචද" පොතට නම් ඇතුළත් කළේ මොන පදනමකටද...?
කාටවත් ඕන විදියට නෙවෙයි. ඒක තෝරගන්න නිදහසක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මණ්ඩලයක් හිටියා.
ඒ මණ්ඩලේට ලොකු වැරැදීමක් වෙලා නේද ඇමැතිතුමා?
ඔයාටවත් පත්තරේටවත් ඕන විදියට අදහස් ප්‍රකාශ කරන්න අපිට අවශ්‍යතාවක් නෑ.
උපේක්ෂා ස්වර්ණමාලි ද සිල්වා මැතිනියට ඇති ශිරාණිට, චන්ද්‍රිකාට නැති ශක්තිමත්භාවය පිළිබඳව ඇමැතිතුමාගෙන් ලැබුණේ එවන් පිළිතුරකි. ශක්තිමත්භාවය පිළිබඳ ගැටලුව ලිහාගත යුතු නිසා අපි ඊළඟට මේ මණ්ඩලයට ඉහළින්ම සිටින ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් එරික් ඉලයප්ප ආරච්චිගෙන් මේ පිළිබඳ විමසීමු.
"ඇත්ත තත්ත්වය තමයි ඔතැන සම්පූර්ණයෙන්ම වරද්දගෙන තියෙන්නේ. ඕක පරණ පොතක්.
අවුරුදු දෙකක් දෙකහමාරකට කලින් කරපු එකක්. ඕක මේ දැයට කිරුළ වෙනුවෙන් නිකුත් කරපු පොතකුත් නෙවෙයි. අනිත් එක එතැන එහෙම වර්ගීකරණයක් කරලත් නෑ. ඒක කරපු ලේකම්තුමියත් දැන් නෑ. මම දන්න විදියට ඒ පොතේ සිරිමාවෝ මැතිනියගේ ඉඳලා අමාත්‍යංශ ලේකම්වරු දක්වාම ඉන්නවා. ඒක එහෙම ලොකු සීරියස් ක්‍රියාදාමයක් නෙවෙයි. ඔය කියන පොත අමාත්‍යංශයේ ප්‍රධාන ප්‍රකාශනයකුත් නෙවෙයි."
චන්ද්‍රිකාට, ශිරාණිට අහිමි, උපේක්ෂාට හිමි ශක්තිවන්තභාවය පිළිබඳව අපි හිටපු ලේකම්තුමිය වූ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගෙන්ද විමසුවෙමු.
"ඕක අමාත්‍යංශයට සම්බන්ධ වැඩක්නේ. මම දැන් එතැන ලේකම් නෙවෙයි. ඉතින් දැන් ඉන්න ලේකම්ගෙන් අහනවානම් හොඳයි නේද....?"
ඒත් මේ ප්‍රකාශනය අයිති ඔබතුමියගේ නිල කාලයට නේද...?
මගේ කාලයේදී වුණාට දැන් ඒ ගැන කතාකරන්න ඕන වර්තමාන ලේකම්තුමා. මේක වුණේ ඇයි කියලා මම ලිඛිතව අමාත්‍යංශය දැනුම්වත් කරලා තියෙනවා. මේ ගැන පැහැදිලි හේතු ඒ ලියවිල්ලේ ඇති..."
අවුරුදු 30කටත් අධික රංගන ඉතිහාසයක් හිමි, වර්තමාන දේශපාලනයේ කැපීපෙනෙන කාන්තා චරිතයක් වූ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් අපි පබාට හිමි, චන්ද්‍රිකාට හා ශිරාණිට අහිමි ශක්තිවන්තභාවය පිළිබඳ විමසා සිටියෙමු.
"මටනම් ඔය ගැන කතා කරලා පලක් නෑ කියලා හිතෙනවා. එක එක්කෙනා තම තමන් වෙනුවෙන් ලියාගන්න පොතක් වෙන්න ඇති. සමහර විට කාන්තා ඇමැතිතුමාට ඔය කියන නිළියගේ ස්ට්‍රෝන්ග් ගතියක් දැනුණද දන්නේ නෑ. උපේක්ෂා කියන්නේ දේශපාලන මැතිවරණයකට තරග කරලා පාර්ලිමේන්තු ගියපු කෙනෙක් නෙවෙයි. ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට ටෙලිනාට්‍ය චරිතයක් පාර්ලිමේන්තු ගියා. දැන් ඉතින් පබා බබා වගේ ඉන්නවා. කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශයට පිරිමි කෙනෙක් දැම්මාම එයාට ස්ට්‍රෝන්ග් ගතිය දැනෙන්නේ වෙනස් ක්‍රමයකට. චන්ද්‍රිකා මැතිනිය සහ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අනිවාර්යයෙන්ම මේ ලිස්ට් එකට ඇතුළත් වෙන්නම ඕන. මේ දෙදෙනාම ඉතාම දුෂ්කර කාල පරිච්ඡේද පසුකරපු අය. දේශපාලන ප්‍රශ්න තිබුණා කියලා ඔවුන් දිනාගත්ත දේ විනාශ කරන්න බෑ. හැබැයි ඕක වැරදුණේ ඇමැතිතුමාටද, එහෙමත් නැත්නම් හිටපු ලේකම්තුමාටද කියලා හොයලා බලන්න ඕන."
අවසානයේ අපි මේ ශක්තිසම්පන්නභාවය පිළිබඳ ගැටලුව උපේෂ්කා ස්වර්ණමාලි මන්ත්‍රිතුමියගෙන්ම විමසන්නට අදහස් කළෙමු.
ලංකාවේ ශක්තිමත්ම කාන්තාවන්ගේ ලිස්ට් එකට නම දාගත්තා නේද...?
මොකක්....! ඇත්තට....? සතුටුයි....
ඇයි දන්නෙ නැද්ද "ඉබපධදඨ එධථචද" කියන පොත ගැන
ඇත්තටම මම දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් කවුරුවත් මාව දැනුම්වත් කරලා නෑ. හැබැයි මං ගැන එහෙම හිතන පිරිසක් ඉන්නවා නම් ඒගැන මට සතුටුයි.
"ඔයාට ඒ පොතේ චරිතයක් වෙන්න සුදුසුකම් තියෙනවා කියලා හිතෙනවද....?
මම ඕක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම මම ඔය දේ ආභරණයක් කරගන්නෙත් නෑ. මම අත්විඳපු ජීවිතයක් තියෙනවා. ඒක කවුරුත් නොවිඳපු ජීවිතයක් වෙන්න පුළුවන්.
හැබැයි ඔය පොතට චන්ද්‍රිකා මැතිනිය සහ හිටපු අගවිනිසුරුවරිය ඇතුළත් වෙලා නෑ.
ඒ ගැන ඇත්තටම කනගාටුයි. නමුත් ඔය පොත හදපු සීමාව මොකක්ද කියන්න මම ඇත්තටම දන්නේ නෑ.
උපේක්ෂාත් නොදන්න, ලේකම්තුමාත් නොදන්න, ඇමැතිතුමාත් නොදන්න "ඉබපධදඨ එධථචද" පොතේ කාන්තා චරිත පිළිබඳ සබුද්ධික මහජනතාව හොඳින්ම දන්නවා ඇතැයි අපි අපේක්ෂා කරමු. හිරු නොබසින අධිරාජ්‍යයේ වසර 11ක් අගමැති ධුරය දැරූ මාග්‍රට් තැචර් යකඩ ගැහැනියක බව ලෝකයක්ම පිළිගත්තේය. වසර 11 ක් විධායක ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා මැතිනියට එකී පිළිගැනීම තමන්ගේ රටේදීවත් නොලැබී ගියාය. මාග්‍රට් තැචර්ට යකඩ ගැහැනිය යන නම ලබාගැනීම උපේක්ෂාට තරම් පහසු වූයේ නැත. ඇය ඒ වෙනුවෙන් අතිශය ආන්දෝලනාත්මක තීන්දු තීරණ රාශියක්ම ගත්තාය. ඉබපධදඨ කියන වචනයට අර්ථයක් ලැබුණේ එලෙසින්ය. අපි ඒ වචනයේ අර්ථය පවා කෙලසමින් සිටිමු. වරක් ශක්තිවන්තභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැනනැඟී රිටිගල ජයසේන යක්ෂයා සහ ගෝඨයිම්බර සටන් වැදුණේය. 'ඉබපධදඨ එධථචද' කෘතියෙහි සඳහන් වන්නේ එවැනි ක්‍රමවේදයකට ශක්තිය උරගා බලා සැකසූ නාම ලේඛනයක් නම් එහිදීද චන්ද්‍රිකා මැතිනිය හා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසිවීම අපේක්ෂා කළ නොහැකිය. මක් නිසාදයත් මේ චරිත ඉතිහාසයේ අතිශය දරුණු පීඩාවන්ට ලක්වී ඊට මුහුණ දීමේ ශක්තිය අත්දැකීම් තුළින්ම ජීවිතවලට ළංකරගෙන සිටින නිසාය.
වාසනා සුරංගිකා විතානගේ
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment